සාන්තවම යන්න ගියා
කාන්දමට ඇදෙන ලෙසා
හදවත නුඉ වෙත ඇදුනා
කාන්තිමත් කැලුම් නගා
නා දළු වැනි දෙතොල් සලා
මිණි කිංකිනි හඩ නංවා
මා හද දොර විවර කලා
සිතුවම් සිත් තුල රන්දා
කැටයම් කර නුබේ සිනා
සදමින් හද මැදුරු මනා
මල් සර හී සර දුන්නා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_a29NitXsBXI_ePyaqCKJf_sd-GJwWW4A4nHa1EvDcmQbWAPucVJVVqC2eHgMyREa85gdQyPuSme-Am-xicbm4VV0PmLAiMeA_01EkAmPqqTq5fQ-U6nOXPx0Gb0c81cSkVbXQKyjggS9/s320/try.png)
සදවට තරැ කැල සේමා
නැව ගෙනයන සක සේමා
දිවි ගමනට මග වුවා
වැව් තෙර මම හිදිමි බලා
නිල් දියවර නැගෙයි සිතා
සිත් අහසෙම අදුරෙ හෙලා.
නොමගන් සදවතිය හොරා
පිනිබිදු වියැකෙන හින්දා
කාලය දුවයන හින්දා
තාලය වැරදුනු හින්දා
මා හද කරදර වින්දා
අන්සතු මල් නෙලු නිසා
රන්රසු දැල් නොහිමි නිසා
පාලුව හුරු පුරුදු නිසා
සගවමි බැදි ආල නුරා...