මාස ගානකට පස්සෙ ඔන්න මෙහෙට වහිනවා.අම්මෝ මේ මිනිස්සු වැස්ස නැතිව වින්ද දුක නිමා කරලා වැස්ස පටන් ගත්ත එක නම් ලොකු දෙයක්!වැස්ස අස්සේ මටත් හිතුනා ඔන්න මේකෙ මොනවහරි ලියල දාන්න...මේ දවස්වල පාඩම් වැඩ කියලා සෙට් වුනාට බලාගෙන යනකොට මූණු පොතේ තමයි වැඩිපුර ඉදලා තියෙන්නේ.හ්ම් දැන් ආයෙත් යුනිය පටන් ගන්න කතාවක් තියෙනවා.කොහොමත් ඒක හොදයි ගෙදර ඉදලම එපා වෙලා...
මේ අනං මනං අස්සෙ කියන්න හදපු දේවල් අමතක වෙනවා.ඔන්න ඉතින් ගෙදර ඉන්න එකේ කොල්ලට හම්බවුනා අප්පච්චිගේ පරණ පොත් වගයක්(රාජකාරි තමා) ඒ අස්සෙ තිබිලා හමු වුනු පොතක් ගැන තමා මේ කියන්න යන්නේ.....නමින්ම කිව්වොත් “ජාතික කොඩිය භාවිතය- රීති සංග්‍රහය “.ඒකෙ තියන දේවල්.දන්න අයට මතක් කරගන්න.නොදන්න අයට දැනගන්න ඔන්න විස්තර ටිකක්..මේකෙ මාර දේවල් තියෙන්නෙ අම්මපා.අපි හිතන්නෙ නැති දේ ගොඩයි.....
ජාතික කොඩියේ වැදගත්කම
![]() |
| ජාතික ධජයට සැම විටම ගෞරව කරන්න |
