| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Monday, January 5, 2015

Web Browser එක හාවිකා කර CSS Settings හදමු.!

Firefox Browser එකේ දිස්වන අයුරු
අවශ්‍ය area එක select කරලා  inspect element තෝරන්න

Browser එක භාවිතයෙන්..!

හැම  browser එකක්ම වාගේ මේ feature එක සපයනවා. තවත්  advance features ඔන නම් අපිට  Firebug වගේ Extension එකක් භාවිතා කරන්න පුලුවන් ඒත් මම කියන වැඩේට එච්චර සංකීර්ණ සූදානමක් ඕන නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි අවශ්‍ය area එක  ලගට මවුස් එක අරන් ගිහින්  right click කරලා inspect element තෝරන්න එවිට පහත පරිදි interfaces දකින්න ලැබේවි. 

Chrome Browser එකේ දිස්වෙන අයුරු

Web Development සදහා මෙම ක්‍රමය භාවිතය.

ඔබට පුලුවන් මේ ලැබෙන මුහුණතින් ඔබේ HTML කෝඩ් එක පරික්ෂා කරන්න .ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙක් නම් මේ පහසුකම ඔබේ වෙබ් අඩවියේ අවශ්‍ය කරන සැකසුම් පරික්ෂා කිරීමට යොදාගන්න පුලුවනි.මේහිදී ඔබේ  source කොඩ්  එක වෙනස් නොකර අවශය කරන සැකසුම් පරික්ෂා කරලා බලන්න පුලුවන් .පසුව වඩාත් ගැලපෙන සැකසුම් ඔබේ  source කෝඩ් එකට ඇතුලත් කරන්න.

ඉගෙනීම සඳහා භාවිතා කරමු.

ඔබට මෙම ක්‍රමය පාවිච්චි කරලා එදිනෙදා ඔබ යන වෙබ් අඩවි වල පාවිච්චි කරලා තියෙන CSS tags බලන්න පුලුවන්  :). ඉතින් මෙ ක්‍රමයෙන් සයිට් එකක පාවිච්චි කරලා තියෙන මේ ටැග්ස් ගැන ඒවායේ තියෙන සැකසුම් ගැන ඉගෙන ගන්න පුලුවන් නේද?.

තවත් තොරතුරක් !

මේ ක්‍රමය පාවිච්චි කරන කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුලුවනි.අපි Browser එකේ මේ වෙනස්කම් කරලා ඒක අපේ මූලික කේතයේ හෙව්වම එතන ඔයාට හොයාගන්න බැරිවෙයි ඒකට හේතුව ඒ අදාල කරන සැකසුම් තියෙන්නේ ඔයාගේ කෝඩ් එකේ නෙවෙයි.ඔයා refer කරලා තියෙන වෙනත් තැනක මෙතනදි ක්‍රම දෙකක් තියෙනවා එකක් ඔයාගේ කොඩ්/ස්ක්‍රිප්ට් එකේ මේ සඳහා වෙනම සැකසුම් ඇතුලත් කල හැකියි.(මේ සඳහා CSS දැනුම තියෙනවා කියලා මම හිතනවා හම්ම් පුලුවන් වුනොත් පෝස්ට් එකක් දාන්නම්!) එහෙම නැතිනම් ඒ අදාල සැකසුම් ඒතැනට යවන කුමයක් තියෙනවා.ඒක හැබැයි ඔයා refer කරන තැන අනුව වෙනස් වෙනවා.මේක හරියට අපි parameters පාස් කරනවා වගේ වැඩක් ඒ අදාල function එකට. 

Sunday, December 14, 2014

මේ ඔබේ උදව් අවශ්‍ය කාලයයි! රටට වැඩ ඇති දෙයකට දායක වෙමු.......

     
අපි කවුරුත් මේ දවස්වල සතුටු වුනු (විශේෂයෙන් පරිගණක ආශ්‍රිතව වැඩ කරන අය!) ආරංචියක් තමයි ගූගල් තමන්ගේ පරිවර්තන සේවාවට සිංහල භාෂාව එකතු කරපු එක.මේක ඇත්තටම සැහෙන කාලෙක ඉදන් ලංකාවේ අය බලාපොරොත්තු වුනු සෑහෙන්න මහන්සි වෙලා ලබාගත්ත දෙයක්! මේ සේවාව තවමත් පවතින්නේ මුල් මට්ටමේ මෙක තාම ඉගෙන ගන්නවා(මම කිව්වේ වැඩසටහන).සිංහල භාෂාවට යමක් පරිවර්ථනය කිරීම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි දෙයක්! මේ සම්බන්ධව බොහොම සුලුවෙන් වැඩ කළ කෙනෙක් විදිහට මම දන්නවා ඒකේ තියන වගකීම...!මේ සඳහා දායක වෙන්නේ ඔබ මම වගේම ශ්‍රී ලාංකිකයෝ(විශේෂයෙන්ම තරුණ තරුණියෝ පරිගණක ක්ෂේත්‍රෙයේ ඉගෙන ගන්න).නමුත් කනගාටුවට කරුණ තමා මේක විහිලුවක් බවට පත්කර ගැනීම.ඇත්තටම මේකට කට්ටිය කොච්චර මහන්සි වුනාද කියලා (කොච්චර ගූගල් ලංකා සමූහය මහන්සි වුනාද කියලා ) මම පෞද්ගලිකව දන්නවා.

     
රටට ආදරේ කරනවා නම් රටට සේවයක් සුලුවෙන් හරි කරන්න ඔබ කැමතිනම් මේ සම්බන්ධව විහිලු නොකර ගූගල්ට උදව් කරන්න මේ වැඩේට. බොරු පරිවර්තන කරලා ආතල් ගන්න එපා.මේ අපි අපේ රටට කරන දෙයක් අනාගතේ අපේ නංගියෙක් මල්ලියෙක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය සැරිසරනවා දකින්න අපි ආසයි නේද? සිංහල අන්තර්ජාලය පුරා පිළිගත් භාෂාවක් වෙනවා දකින්න අපි කැමතියි නේද?.අපි මේ වගේ ඉදිරිපත් කරන බ්ලොග් වෙනත් භාෂා කතාකරන අය එයාලගේ භාෂාවෙන් කියවලා අදහස් ඉදිරිපත් කරනවට අපි කැමතියි නේද?කොටින්ම සුද්දට අධිරාජ්‍යවාදී බලවේග වලට බැන බැන ඉන්න නැතිව අපේ කම ලෝකෙට දෙන්න හොදම අවස්ථාවක් නේද?

           මේ ලිපිය ලියන්නේ පොඩි කනගාටුවක් එක්ක මොකද මේක විහිලුවට ලක්කරමින් ඉදිරිපත් කරපු බොහෝ දේ දැක්ක නිසා...දන්නේ නැති අයට දැනගන්නත්,අර රටට යමක් කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පොඩි අවස්ථාවක් දෙන්නත් මම පහතින් සබැඳුම් ටිකක් දාන්නම්.මේවට ගිහින් මේ වැඩේට උදව් කරන්න.මතක තියා ගන්න හැම දේම එක දවසින් සාර්ථක වෙන්නේ නෑ.ඒ වගේම අපේ උදව් නැතිව මේ ඇමෙරිකාවෙ සමාගමක් සිංහල දියුණු කරන්නේ කොහොමද? බොක්කෙන්ම අහනවා නම් මොන ඇම්මකටද? මේ නිසා මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් අන්තර්ජාලයේ සැරිසරන අයට සිංහල තවදුරටත් තේරුම් ගන්න බැරි බාසවක් නෙවෙයි කියන තත්වෙට ගේමු නේද? තරුණ අපිට රටට කරන්න පුළුවන් ලොකු සේවයක් නේද? රස්සාවක් සල්ලි නම් හම්බෙන් නැතිවෙයි :පී

කරන උදව්වක් බොක්කෙන්ම කරන්න බොරු තේරුම් දෙන්න එපා මේක ප්‍රජාවක් විසින් මෙහෙයවන දෙයක් ඔයා වැරදි තේරුමක් දුන්නොත් ඒක නිවැරදි කරන්නෙත් ඔයා වගේම ශ්‍රී ලාංකිකයෙක්!අපේ භාෂාව අපි ලොකෙට ගෙනියමු නැතුව මේක අපේ මෝඩකම පෙන්නන තැනක් කරගන්න එපා.අනික වැරුද්දක් දැක්කොත් ලංකාවේ පුරුද්දට කාටවත් බැන බැන ඉන්න එපා මේකට ඔයාට උදව් කරන්න පුළුවන්! දැනුම් දෙන්න එ් ගැන !නැත්නම් ගිහින් ඔයාම නිවැරදි කරන්න.


ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
උදව් කරන්න කැමත් අයට.......