කදුල සුසුම ලිප ගිනි මොලවා දුරු කර
අළුයම නෙත් පිනි බිදෙන් මෝදු කර
සිප් මල් පුබුදාලන්නට වෙහෙසෙන
මවුනි වදිමි ඔබෙ පා යුග අදරින
සතුට සදන දිවි මග සරුකරනට
නිබද සිටින සෙවනැල්ල මා ලගම
ඔබය මගේ ලොව විහාර මාතා
ගැමුණු පුතුන් වන්නෙමි මම කෙදිනක
අදුර රුදුරු ,ලොව වසා එබෙන කල
එලිය නුවන් දල්වා මග බලමින
සිත්තුළ බලාපොරොත්තුව රදවාගෙන
මා එන තුරු මග බලා සිටින ඔබ
මවුනි නුබයි ලොව දෙවැනි බුදුන් මට
වීදි සරන නෙක සපුන් රුදුරු දැක
පළිගු මැණික් එළි දල්වා නිති රැක
දේවතාවියනි මා බිම මුරකළ
වන්නෙමි මා එම බිමේ වැටුණු බිජු
ඵල දරමින් ලෝ සතන් විස්ම කර
නින්දා අපහාස අසනි වැසි
දරා නිතින මග සරා මා සමග
නොතෙමා මා එම දියෙන් වසා සිට
සෙනෙහෙ සයුරෙ ගිල්වා ලීය නුඹ මා
මවුනි වදිමි ඔබෙ පා යුග අදරින
වන්නෙමි මම යහගුනෙන් සැදී මතු...........