කවදා රැගෙන එන්නද නුඹ වැහි පේවී
හඩනා නෙතු පියන් ඇත නදුලින් වියැකි
නිල්ලක් නොදකින්ට කල පින් මදි වාගේ
මද්දහනට එබෙන හිරු වැව් පතුල දකී
නැත එහි ජල බිදක් ඇත ඉරි තැලී සිදී
වියළී පත් සැලී ගිය අතු පතර රැදී
"පිලිහුඩුවන්ට" නම් හොද කල ලැබූ සැටී
වැව් ගම් පත්තුවේ ජීවිත ගිලිහි වැටේ
පණ නල රැකගන්න දගලන දන වියැකී
යන ජල බිදට වත් නැත උරුමය සෑදී
එය ලැබ ගන්න දගලන නෙක ගිජුලිහිණී
වනන්තරේ ඇද සිටි පොරවනය නැත
ගොම්මන සමග වදිනා ඇට සැකිළි උස
නොනවත්වා හඩන උල ලේනියේ අද
කෙළවර කර නොගන්නෙමි මම ඉදිමි හෙට
නටනා පැටවු දුහුවිල්ලෙන් නෑවී
සොයනා පළතුරුත් සැගවූ ලෙසට පෙනේ
ජීවිත අරගලය නැත නිමවී යන්නේ
කටුවැල් අලය හෝ කුස පුරවන්නේ
කටුමැටි ගැසු බිත්තිය අතරින් රිංගා
කරුවල අඩ ගසයි අඩු ආලෝකය පන්නා
ගේ තුල සුසුම් ලන ජීවිත හන්දා
වගුරයි දා බින්දු දැනෙනා දාහය පන්නා
මිහිකත තරහා වී ඇත මේ මිනිසුන් සමග
අහසින් නිල් හිනා වපුරයි විරිත්තන
වදදෙන ගිනි හුලක් හිස උඩ තබාගෙන
හැප්පෙයි ගැටෙයි ජීවන මහ මෙරුව ලග
ඇසුනා කටහඩක් සිතුවිලි අතරතුර
දැනුනා අහස පොලවත් අද බිහිරිවද
හැගුනා මද නලත් නපුරුද මේ ලෙසට
මේ මිනිසුනුත් මිනිසුත් බව නොදැනෙත්ද
"අහසට කවුද අනවින කරනා දෙයියෝ!
පොළවට දැමූ භෝගය දනවා දෙයියෝ
යායක රුව බලා වැඩ කරනා දෙයියෝ!
අද නොවහිනා වැහි කුමටද මගෙ දෙයියෝ!"