මහ සෙනගක් ගිය ඒ මග අද බල්ලෙක්වත් නෑ
පෝයදාට එන භක්තිය දැන් කට්ටියට අමතක වෙලා
අරලිය ගස් හිනැහෙයි මල් පොකුරු පිටින් බිමට හෙලා
මිහිදු තෙරුන් ගෙනාවෙ බුදු දහම
අපේ අය තමයි ඒක ගොඩනැගුවෙ හදවත් තුල
තිත්ත වෙයි ලබුත් අබුද්දස්ස කාලෙට
දියවෙලා ඉටිමෙන් භක්තිය අද පිටතින් එන ගිනි රස්නෙට
පොරකන මිරිකෙන මහ ජන ගග නැත
දිලිසෙන විහිදෙන මල් මල් එලි නැත
සුමුදු සුලන් රැලි ගත දැවටෙනු ඇත
මුදු සිනහව සමිදුගෙ
නෙත සිත පිනවනු ඇත........