| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Thursday, October 11, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය1-අතීතය


ඔන්න ඉතින් මේ වැස්සත් එක්ක හිටි ගමන් එක එක දේ හොයන්න හිතෙනවා.වැව් බැදි රටේ ඉදලත් වැව් ගැන දන්නෙ නැත්නම් ඉතින් වැඩක් නෑ කියලයි මම හිතන්නෙ මේ දවස් වල පොඩි පිස්සුවක් හැදිලා වැව් ගැන හොයමින් ඉන්නේ..ඉතින් ඉදිරියේදි වැව් සංස්කෘතිය ගැන අපේ බාසාවෙන් මොනවහරි ලියවෙයි ඒකටත් එක්ක ප්‍රයෝජනවත් වෙයිනෙ කියලයි,නොදන්න අයට දැන ගන්නයි, අපේ වැව් කර්මාන්තයේ ඉතිහාසය ටිකක් කියන්නම්.....මේකත් ඉතින් පටන් ගන්නෙ විජයගෙන් තමයි ඔන්න.....

ඉන්දියාවේ වයඹ දිග පැත්තෙන් හා ඊශාන දිග පැත්තෙන් ලංකාවට ආපු ඉන්දු ආර්යයන්ගේ ප්‍රධාන ආහාරය තමයි බත්! ඒ නිසා ඉන්දු ආර්යය යන් වී ගොවිතැන හා වාරි කර්මාන්තය ගැන යම් දැනිමක්  ඇතිව ඉන්න ඇති.මුල්ම කාලෙ ජල යන්ත්‍ර ආධාරයෙන් ලිං වලින් ජලය ඇදීමෙන් පස්සේ ඇළවල් කාණු මගින් ස්වාභාවික ජලාශ වලින් කුඹුරු වලට ජලය ගෙන යන්න ඇති මේ ගැන විවිධ ග්‍රන්ථ වල සදහන් වෙලා තියනවා කියලා අපේ සමාජ අධ්‍යනය සර් කිව්වා මතකයි(ඕං මටනම් ඔය පොත් වල නම් මතක නෑ වෛදික ග්‍රන්ථ වල කියලා නම් මතකයි).ඉතින් කොහොම හරි පස්සෙ කාලේ අපේ මේ විශිෂ්ට වාරි කර්මාන්ත බිහිවෙන්න මේ දැනුම හේතු වෙන්න ඇති.මේ වගේ වැඩර්ලා කාලයක් යනකොට ඔන්න ඉන්දියාවෙත් හිටියෙ නැතිලු.(අපි එහෙමනේ)


ඉතින් මේ ඉන්දියාවෙන් ආපු  කට්ටිය මුලින්ම තමන්ට කෘෂිකර්මාන්තයට ලේසි  වෙන්නයි ජල අවශ්‍යතාවන් සපුරා ගන්න ලේසි වෙන්නයි ගංගා ආශ්‍රිතව පදිංචි වෙනවා(මේ කතාව හැමෝම දන්නවනේ නැත්නම් පොඩි සර්චි පාරක් දාල බලන්න).ඒත් ඉතින් හැමතැනම ගංගා නෑනෙ.ඒ වගේම වැස්ස අඩු කාලෙට වතුර එකතු කරගන්නත් මෙයාලට ඔනනේ (වගා කටයුතු වලට)මේ හේතු නිසා වැව් කියන සංකල්පය බිහි වෙන්න ඇති.ඉතින් මේ අවශ්‍යතාවයන් සපුරන්න අපේ හිටපු රජවරුන් රදළයන් විසින් වැව් විශාල සංඛ්‍යාවත් තැනීමෙන් දායක වෙලා තියෙනවා.ඒ වගේ වැව් කරවු රජවරුන් ගැන මහාවංශයේ තැනින් තැන සහ ඇතැම් ශීලා ලේඛනවල ද සදහන් වේ.

මෙරට වාරි කර්මාන්ත ඉතිහාසයේ විශේෂ අවධි 2 ක් පෙන්නන්න පුළුවන්

1. ක්‍රි.පූ 274-ක්‍රි.ව 362 දක්වා කාලය
             දේවානම්පියතිස්ස රජුගේ සිට මහසෙන් රජු දක්වා ඇති මේ කාලයේදි විශාල වැව් රාශියක්ම සැදී ඇති අතර ඒවායෙහි ඇළ වේළි ක්‍රම හෙවත් මේ සමයේ වාරි කර්මාන්තය අතින් දක්ෂතා පෙන්වා ඇතත් ඇළවේලි අතින් එතරම් දියුණුවක් දක්වා නැත.ඒත් මේ කාලෙ හැදුනු වෙන උසස් දේ බොහොමයි...තව රජවරු ඉන්නවා ගොඩක්

2. ක්‍රි.ව 362-ක්‍රි.ව 1017 දක්වා සමය
            මේ කාලයට අයත් අයත් ධාතුසේන රජු සමය ඇළවේලි තැනීම අතින් විශේෂයෙන් කැපී පෙනෙන යුගයකි.වාරි කර්මාන්තය සම්බන්ධයෙන් මොහු ගෙන් පසු විශේෂ තැනක් ගන්නේ මහ පැරකුම්බා රජතුමා
තමා.

     ලංකාවේ වාරිමාර්ග හා ජල සම්පාදන ක්‍රම ගැන කරුණු සොයන කෙනෙක්ට පණ්ඩුකාභය(පළවෙනි දැනටත් තියන වැව හැදුවේ මේ රජතුමා කියලා අහලා ඇතිනේ-අභය වැව),වසභ,මහසෙන්,ධාතුසේන,1 වන උපතිස්ස,2 වන මුගලන්,1 නව අග්බෝ,2 වන සේන සහ මහා පැරකුම්බා රජවරු ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.ඒ අතර කළා වැව,මින්නේරි වැව,පරාක්‍රම සමූද්‍රය,ඇළහැර මිණිපේ අමුණු(අමුණ කියන දේත් නියම අදහසක්).ඇයි යෝධ ඇළ එහෙම නැත්නම් ජය ගග වගේ නිර්මාණ ඉතාම උසස් ලෙස සැළකෙනවා.

මහා වංශයේ වැවක් ගැන මුල්ම වරට සදහන් වෙලා තියෙන්නේ අනුරාධ කියල කෙනෙක් ඉදිකළ වැවක් ගැන... අතීතය ගැන ඔය ටික ඇති ඔන අය ඉතින් දැල දාල හොයලා බලන්න ඕං

තාක්ෂණය ගැන කතා කරන දෙවන ලිපියට යන්න මෙතනින්......

rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment