| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Sunday, December 28, 2014

දැනගැනීම පිණිසයි! ෆේස්බුක් සහ මම

ඔයා ගේ ඩයරි එක ඉතින් ෆේස්බුක්නේ..... මේ මට අහන්න ලැබුණු මා පිළිබඳව මෑතදී කෙරුණු විවේචනයකි.මා ඉතින් මේ ප්‍රකාශයට ඒ මොහොතේ යමක් නොකිව්වේ ඒ මොහොතේ මා ඊ්ට පිළිතුරු දීමට වඩා මහා ගැටලුවක සිටි නිසාවෙනි.
අනික් කරුණ  දැන් අන්තර්ජාලයට බොහොදෙනෙක් සිංහලෙන් බොහෝ අදහස් එක් කර තිබේ දැන් ලෝකය දියුණුයි! එහි සිංහල භාෂාවටද අනිවාර්යය ඉඩක් තිබේ.තම නිර්මාණකරණය,අදහස් ප්‍රකාශ කිරීම ඒ හරහා සිදු කිරීම ඒ නිසා ඉතාම වටිනා ක්‍රියාවකි!.මමද අඩු වැඩි වශයෙන් මෙය සිදු කරන බව මම පිලිගනිමි.එය තමාව මාකට් කරගැනීමේ උත්සාහයක් ලෙස කෙනෙක් අර්ථදක්වයි නම් ඇත්තවශයෙන්ම ඔව්! අනෙක් අය මේ පුද්ගලයාව අවබෝධ කර ගන්නේ ද මෙවන් ක්‍රම වලිනි. ඉදින් මම මගේ දක්ෂතාවය, හැකියාව, දැනුම, ආකල්ප, ප්‍රහසනය මේ හරහා අන් අයට අවබෝධ කරවීමට උත්සාහ කිරීමෙන් මට යහපතක් සිදුවිය හැකිය. අයහපතක් වීමද විටෙක වැළැක්විය නොහැක.මට රස්සාවක් ලැබිය හැකිය. නැතිවීමද විය හැකිය.මට අවස්ථා ලැබිය හැක නැතිවීමටද පිළිවන.එය සිදුවන්නේ මම මේ මාකට් කර ගැනීම සිදුකරන ආකාරයටය.එය සිතා මතා කරන්නක් නොවේ යන්න නම් මම කිව යුතුය.ප්ලෑන් ගසා දේවල් ලබා ගැනීමට මම කපටි නැති බව මාගේ අත්දැකීමය.කඩේ යාමට මම මාගේ අදහස් යොදාගැනීමෙන් මට ලැබෙන දෙයක් නැත.
මම මාගේ අදහස් ප්‍රකාශ කිරීමට ෆේස්බුක් යොදාගත් පමනින් මම සියල්ල මෙහි ලියා තබනවායැයි කීම විහිලුවකි.සියල්ල ලියු කල්හි සියල්ලන්ට සියල්ල නැතිවීමටද පුළුවන.එහෙත් මම කියන දේ හෝ මම සිතන දේ මම ෆේස්බුක් හී සටහන් කර ඇත්නම් ඒ අනිවාර්යයෙන්ම මට පෞද්ගලික හැඟිමක් වූ පමණින් එය සැඟවිය යුතු නැතැයි මම තරයේ සිතන නිසාය.මම කවියක් හෝ අදහසක් ලියූ පමණින් ඒ මාගේ ජීවිතය හෝ ඒ මාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස සිතීම ඉතා අනතුරුදායක විය හැක.එහෙත් මට දැනෙන දේ තවත් බොහෝ දෙනෙකුට වඩා තිව්ර ලෙස දැනෙතැයි මා සිතන නිසාවෙන් ඒ සහෘද හැඟිමෙන් ම ලියා තැබූ සටහන් බොහොමයක් තිබෙන මම පිළිගනිමි.
ඉතා දක්ෂ ලෙස තම අදහස් ෆේස්බුක් හරහා සමාජගත කරන ඉතා නිර්මාණශීලි තරුණ පිරිසක් ෆේස්බුක් හි සිටින බව අප පිළිගත යුතුය දැන් ෆේස්බුක් යනු හුදෙක් විනෝදය සපයන් තැනක් නොව රටේ වෙනසක් කළ හැකි සමාජ කතිකාවත් ඇතිවන තැනක් බවට පත්වී ඇත.එය නම් සිදුවිය යුතුම දෙයකි.
ඒ නිසා මාගේ ආකල්පය නම් මට සිතෙන වැදගත් දේ ගැන සටහන් තැබීම සිදුකල යුත්තක් බවය.එය සමහර විට තවත් බොහෝදෙනෙක් අවදි කරන්නක් විය හැකිය.ඉපදුණාට ජීවත් වී ජීවත් වෙනවාට කුමක් හෝ කර සියල්ල තමාට පමණක් ලබාගතයුතු යැයි සිතන කුහකයෝද තම අදහස් විවෘත ලෙස ප්‍රකාශ නොකරති! නමුත් මාගේ විශ්වාසය නම් සියල්ල හේතුවක් ඇතිව සිදුවන බවය.
මා මිනිසෙක් ලෙස උපන්නේ හේතුවක් ඇතිවය ඒ අනිවාර්යයෙන්ම සල්ලි කන්දක් ගොඩ ගසා හෝ දුප්පත් බවින් මිරිකී ජීවත්ව මිය යාමට නොව.මා ඉගෙනගත් දෙයකින් මාගේ හැකියාවෙන් යමක් කිරීමටය මනුස්සකම යන්න වඩා අවබෝධකර ගැනීමටය තවත් මිනිසෙකුට දුකක් දී ජයක් ලබයි නම් හෝ මම වැනිම තවත් මිනිසුන් සිටි යයි නොසිතා ක්‍රියා කිරීමට මම විරුද්ධය එය මා අදහන බෞද්ධ දර්ශනය නොවේ.එනිසා මා ලියා තබන දෙයින් කාට හෝ යහපතක් වීම හෝ කවුරුන් හෝ සියුම් සතුටක් ලැබීම මාගේ පරම සතුට විය හැකිය.මා නැති කලක හෝ මම යමක් කලාය කියා කොහේ හෝ සටහන්ව තිබීම විය හැකිය.එසේම මම ඉතාම සාමාන්‍ය කෙනෙක් බව මාගේ පිලිගැනීමයි..මට රට පෙරලන්නට හෝ රොකට් හදන්නට බැරිය එහෙත් මට අනිවාර්යයෙන් කල හැක්කක් තිබේ ඒ සුලුවෙන් හෝ මගේ හැකියාවෙන් දැනුමෙන් අන් අයගේ එකමුතුවෙන් යමක් කිරීමය හෝ බොහො දෙනා කරන යහපත් වැඩ වලට මට හැකි අයුරින් වචනයකින් හෝ දායක වීමය.මෙහිදී අපිට කුඩා කාලයේ නිතර කියන කතාවක් සඳහන් කිරීම වටී.රටක් යහපත් වීමට,දියුණු වීමට මිනිසා යහපත් දියුණු විය යුතුය.රට හදන්න නම් උබ හැදෙන්න ඕන...!
ලොකයේ මිනිස්සු සර්වසාධාරණ හෝ උග්‍ර අවහිංසාවාදි හෝ නොවිය හැක වැරදි සිදුවිය හැකිය ඒවා තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කල යුතු බව මාගේ හැඟීමයි.මේ ලියන්නේද පම්පොරියක් ලෙස කෙනෙකු විග්‍රහ කළ හැකි බව මම දනිමි.පම්පොරි ගැසීමක් කරනවා නම් කිරීමට මීට වඩා දේ ඇති බවත් මීටත් වඩා ක්‍රම තිබෙන බවත් දන්නෝ දනිතියි මම සිතමි.මේ සටහනද මෙසේ ලියන්නේ මා වැනිම මෙවන් ප්‍රකාශ වලින් කෙනෙක් අධෛර්ය්‍ය වේ යැයි සිතුනු නිසාය.ඔබ ඔබ ලෙසම තම හැඟීම් ලියා තැබීම වරදක් නොවේ ඔබේ මිතුරන් සමඟ ඒවා හුවමාරු කරගැනීම වරදක් නොවේ මේ සමාජශාලා සංකල්පය හුදෙක් ඒ සඳහාමයි... නැතිව බොරු නම් හෝ රූප වලින් පෙනි සිටිමින් මිනිසුන් නොමග යැවීමට හෝ කාටත් හොරෙන් පැමිණ පෝස්ට් නරඹා හොරෙන්ම පිටවී යාමටද නොවේ.එය කාලය කා දැමීමකි!තේරුමක් නැති ක්‍රියාවකි!ඊට වඩා තම වත්ත සුද්දකර මල්පැල ටිකක් වැවීම හෝ පොතක් පාඩම් කර ගැනීම හෝ කාමරය වටපිටාව පිරිසිදු කිරීම ඉතාම යහපත්ය.මන්ද එය ඔබට ප්‍රෙයා්ජනවත්ය.මුදල් සහ කාලය දෙකෙන්ම වැඩ ගැනීමකි.

Monday, December 22, 2014

ඔයයි මමයි එක දවසක්........(1)



ඔන්න ඉතින් අද නම් මරු ඇයි උදේම දේවිය කතා කරලා අපි මීට් වෙමු කිව්වනෙ...මාත් ඉතින් මගේ සන්තෝසෙ වැඩි කමට හා කිව්වට මොකෝ..මෙයාගෙ ඊලග දේ නම් ඇහුනේ නැත්නම් කියලා හිතුනා.මම යාලුවෙක් එක්ක එනවා ඇදුම් ටිකක් ගන්න ඔයා එන්න එතෙන්ට.මේක නම් පුතේ ඔන්න උගුලක් අතේ සල්ලි විසිවෙනවමයි මගේ දේවිය මාව සුද්ද කරන කෙනෙක් නොවුනට මොකෝ ඇදුම් දැක්කම නම් ඉතිං ෂුවර්ම නෑ.
මාත් ඉතින් කඩේ ඉන්න සියලු කස්ටියව සිහි කරලා දන්න දෙයියන්ට වැදලා කිව්වේ අලුත් ස්ටයිල් කියන ජාති ගණන් වැඩි ජාති අතුරුදහන් වෙන්න කියලයි.හිතෙන ඇදුම ගන්න දේවිය ලග සල්ලි තියෙන්ඩ කියලයි.මොකෝ කොල්ලා මේ දවස්වල රිම් එකෙන් අනේ ඔයා ලග නැත්ද කීයක්වත් කිව්වොත් ...හ්ම් එයා එහෙමමත් නෑ ..ඒත් මටත් තියනවනේ මචංලා අර මොකක්ද එකක්.දැන්ම කොහොමත් කෙල්ලගෙන් යැපෙන එක හොද නෑ කියලයි ඕං මං හිතන්නේ.රී ලෝඩ්,බස් ගාස්තු ඒවට අදාලම නෑ ඒත් හරිද...
මාත්ඉතින් මව් බිසවගෙන් වත් කියක් හරි ඉල්ල ගන්න හදන කොටම මෙන්න මල්ලි කාරයා සල්ලි ඉල්ලපි!ක්ලාස් ෆීස් කියලා.දැන් හබක්!මොකො ඇහිච්ච කතාවෙ හැටියට නම් අතේ සල්ලි නෑ ආයෙ.අනික මොන හේතුවක් කියලා ඉල්ලන්නද?
බැරිම තැන ඹන්න  යාලුවෙක්ගෙන් ඉල්ල ගත්ත රු 500 කුත් අරගෙන ගියයි කියමුකෝ.දැන් මම බලන් ඉන්නවා දේවිය එනකම්..දැන් නම් මතක් වෙන කොටත් හිනා යනවා මම හිතන්නේ මම හිටියේ මගේ දඬු මොණරේ තියාගෙන(අපිට ඉතින් ලොකු දේවල් නෑ සයිකල් කට්ට තමා)  කඩේ ඉස්සරහා බෙල්ල දික් කරගෙන හතර අත බල බලා..කොහෙන් මතු වෙයිද දන්නෙ නෑනේ ඒ අස්සේ කඩේ අඳුරන කවුරු හරි හිටියොත්! දෙන්නටම පොරියල්..මම ෂේප් කරගත්තත් එයාගේ මව් දේවිය නම්: අම්මො...! කෙල්ලව එවන් නැතිවෙයි ආයෙ ක්ලාස් වත් තනියෙන්..අපරාදෙ කියන්න බෑ කෙල්ලො හිතුවොත් කොච්චර කපටි වෙන්න පුළුවන්ද කියල නම් මම ඉගෙන ගත්තේ මගේ සුන්දර දේවියගෙන්ම තමා..
කල්පනාවෙන් කල්පනාවෙන් ඉන්නකොට  ඩෝන්!* අනේ මේ කුඩේ මේක වැස්සට අව්වට වඩා මෙයාට ප්‍රයෝජනවත් මට ගහන්නද මන්දා එක්කො ආදරේට නැත්නම් දුක හිතුනම ඒත් නැත්නම් තරහට මේ ඔක්කොටම මම බයයි! අම්මපා කුඩේ අතේ තියන කොට මමනෙ ගුටි කන්නේ! L හනේ මම ආවා ගානක්වත් නෑ කොහෙද බලන් හිටියේ...කො බලන්න මටත්..ආ මම බලන් හිටියෙ අර කටුස්සියෙක් එනව කිව්වා මේ පැත්තෙන් හම්බෙනකම්..! වඳුරා...මම කිව්වෙ අද ක්ලාස් ඉවරවෙලා එන්නෙ කියලා...ක්ලාස් එක මේ පැත්තෙනේ....හරි හරි මම ඉතින් හැම පැත්තම බලන් හිටියේ...මම වඳුරද? බලන්න කණ්ණාඩියකින් වැඳිරි කවුද කියලා..ඇති ඇති මේ යාලුවත් ඉන්නවා..අහ් හෙලෝ....සොරි දැක්කේ දැන්නේ..ඉතින් අද මොනවද ඉගෙන ගත්තේ...අනේ මේ අද මටත් වැඩක් කරගන්න නෑ ඔයාගේ මේ වදේ නිසා..ඇයි දෙයියනේ මට ඇන ඇන වෙලාව අහනවා....ඔයා එනව නේද අහනවා...ඔන්න මේ පාර එක්සැම් ෆේල් උනොත් ඔය දෙන්නා තමා...මෙයාගෙ ගෑස්!...ඔයා මෙයාගෙන්ද මට දාන්න ගෑස් ගන්නේ?
මේ අහන්නකෝ ඇති ඇති යන්කෝ මම කොච්චර අමාරුවෙන්ද  මේ ඔයාව බලන්න එන්නේ..ඇයි ඉතින් අමාරු වෙන්නේ මම එන්නම්කෝ ගෙදරම...අනේ මේ එදා ආව හැටි මතකයිනේ මට..ඇයි මම ආවෙ මවි බිසව ඉතින් මේ පුතාට  බීම එකකුත් හදලා දුන්නේ..අනේ මේ යනවා යන්න මට පොතක් දෙන්න කියලා බොරුත් කියලා....ඇවිත් මෙතන. හෙන වීරයා වගේ කතාව..ආහ් තව තාත්තා එනකොටම මම යන්නම් ඇන්ටි යන්නම් අන්කල් කියලා මාරු...දේවිය ඇක්ෂන් දදා මට පල් කරනවා ඔන්න මමනෙ දන්නේ ඉතින් එදා පත්තු වෙච්ච ගින්දර...හෙන හිනා නේද? අගේ කරනවා. මට අසනිපයි අද එන්නේ නෑ කිව්ව නිසා ආවම බලලා යන්න කියන කතා නේද? අනික දවසේ කරපු නෝට්ස් ටික ගෙනාව එකත් හොද නැතිද?මම එදා කොච්චර උනන්දුවෙන් පාඩම අහගත්තද කියනවා නම් මිසුත් මට කිව්වා හොදයි කියලා...ඔව් ඉතින් මිස් ඔයාට හැමදාම හොදයි කියනවනේ...මම නැති නිසා ටිකක් වැඩියෙන් කියන්න ඇති!.
හරි හරි දැන් මොකද මේ හදිසියෙම ෂොපින් යන්න හිතුනේ ඔයාට?? යන්කෝ කියන්න ඉතින්... ඔන්න ඉතින් මාවත් ඇදගෙන ගියයි කියමුකෝ ඇතුලට හරි මොනවද ගන්නේ අහන්නකෝ හෙට තාත්තිගෙ බර්ත් ඩේ එක මායි අම්මයි ෂර්ට් එකක් අරන් දෙන්න හැදුවෙ..ඉතින් මම අම්මගෙන් සල්ලිත් ඉල්ලන් ආව. ඒ කතාවට නම් මට පොඩ්ඩක් විතර හැපි මොකද ආෆ්ටර් ඕල් මගෙන් සල්ලි යන්නේ නෑනේ.දැන් මම ගෙනාව සල්ලි වලින් මෙයත් එක්ක ගිහින් අයිස් ක්‍රීම් එකක් කත හැකිනේ...
ඉතින් දෙයියනේ අම්මනේ ඹ්ක තොරලා අරන් දෙන්න ඕනි තාත්තට..අනේ යන්න එයා තේරුවොත් ඔය ජරා ඩිසයින් තමා ගන්නේ ඒ නිසා මම කිව්වා මම ගේන්නම් කියලා..හා මේ පණ්ඩිත ආච්චියේ නෝනට වඩා මහත්තයා කැමති දේ දුව දන්නෙ කොහොමද හා ඔයා මොකද කියන්නෙ යාලු....මේ මේ මාව අල්ල ගන්න එපා..ඔව් මේ පැත්ත බලනවා.. මමනේ ඔයාට කතා කරන්නේ...! අම්මේ හරි.. හරි..
ඉතින් දැන් මම මොකද කරන්න ඔනි.?ඔයාත් මට උදව් කරන්න තාත්තිට ෂර්ට් එකක් තොරන්න..එ මොකෝ දැන් ඉතින් කිව්වේ අම්මටත් වඩා ඔයාට පුළුවන් කියලා! නෑ ඉතින් මටත් වඩා ඔයාට හොදට තොරන්න පුලුවනිනේ.ඒ කොහොමද දන්නේ!නැ ඉතින් ඔයා ඔය මට අරන් දෙන්නේ ලස්සන ඒවා තොරලා.ඒ ඔය පොඩි දේනේ මේ මේ පොඩ්ඩක් ඉන්න දැන් තේරිම හොදයි නම් එදා දුන්න වොච් එකේ ඇද කිව්වේ...ආ ඒකද ඉතින් එව්ව එහෙම තමයි අනික මම ඔක හොදයි කිව්වොත් ඔයා අප්සේට් වෙයිනේ..හ්ම් ඔවි ඉතින් කිව්වොත් ඇදයක්නෙ දැන් එකත් පුරැද්දට ගිහින්...ඔයාවත් හරියට තෝරගත්තද මන්ද...නෑ නෑ මමයි ඔයාව තෝර ගත්තේ ඒක හරි හොඳේ එකෙ ඇද නෑ ෂුවර්ද?..මම කී පාරක් පස්සෙන් ආවද..හරි ඉතින් එහෙම තමා එකපාර බෑනේ හා කියන්න..ඇති ඇති දැන් කියන්නකො තාත්තගේ සයිස් එක? 16 ඔයාගෙ කීයද? මගේ 16 ½ අත් දිග නම් ඉතින් 17 17 ½ ගන්න ඕනි.අම්මෝ ඔව් අපේ තාත්තටත් වඩා ෂෝල්ඩර්ස් ලොකුයි ඒ වුනාට තියෙන බය...හනේ ඒ ගෞරවය හරිද..හා හා..මම දන් නැතෑ ඒක..
ඔන්න ඉතින් එයා බලලා බලලා තෝරනවා දැන් මට තියලා තමා චෙක් කරන්නේ යාලුවටත් හිනා මේක නම් හෙන අමාරුම වැඩක් කෙල්ලෙක් එක්ක රෙදි කඩේකට එන එක අම්මෝ අම්මත් එක්ක ඇවිත් මට පුරුදුනේ පැය ගානක් තෝරනවා...මේ දෙකට නම් මම කැමතියි ඔයා එකක් තෝර ගන්න මම මගේ ෆයිනල් තීරණේ කිව්ව මොනව වුනත් මේ මගේ මාමාටනේ .හ්ම්ම් අපි මේ දෙකම ගමු.සල්ලි තියෙද..ඇයි මම සල්ලිකාරයනේ දන්නෙ නැත්ද..අනික ඔයා ඉද්දි... කෝ ගන්න ගන්න ගෙවන්න මේකට...මලා කලා හමාරයි...එහෙම හොදද මම අහන්නේ..මමත් දැනුන් නෑ වගේ ඇහුවා..අපො හොදයි!...යී බය ගුල්ලා තව ආදරෙ කරන්න කතාව අතේ සල්ලිත් නෑ.මේ මේ ඔයා දන්නවනේ ඉතින්..හා දැන් සල්ලි වලට නම් ආදරේ වෙන කෙනෙක් හොයා ගන්න මම දුප්පත් ගොඩක්. මම සීරියස්ම කිව්වා අප්පෝ ඔන්න තරහ මූණ හිනා වෙන්න ඕක කැත වුනොත් එහෙම මම පව්නේ....ඇයි!..ඇයි කියන්නේ... මට නම් බෑ වඳුරු මූණෙක් කසාද බදින්න...මට හිනා... මුණේ ඇක්ෂන් එකට මොනව වුනත් මේ කෙල්ලට මම කොච්චර ආදරේද කියලා හිතෙන්නෙ එතකොට.
අහන්නකෝ අපි අනිද්දා ට්‍රිප් එකක් යනවනේ..ඔවි මට කිව්වනෙ ඔයා...ඉතින් අපි ගෙදර නෑනේ දවස් 4 කට ඔව්..එතකොට මේ මැන්ටලේගේ බර්ත් ඩේ එක මට මිස් වෙනවනේ...මොකක් ඔව්නෙ මටත් අමතක වුනානේ ඒක...දේවියට මතකයි....ඉතින් මේ ෂර්ට් එක මම ගත්තෙ ඔයාට......දැන් තාත්තගෙ බර්ත් ඩේ එක කිව්වේ...අනේ මෝඩයෝ ඉතින් මම අම්මිත් එක්ක ඇවිත් ගන්නවනෙ එහෙනම්..ඒකවත් තේරෙන්නෙ නැතිද? නෑ නෑ තාත්තිටත් එකක් ගන්න ඔනි මේක මම තේරුවේ ඔයාට මේක තාත්තිට..මේක..හම්ම් ඒත් මේකෙ සයිස් හරිද? හරි හරි මම සයිස් බලලා තමා ඔයාට දුන්නෙ තොරන්න.ඒත් ඩිසයින් එක ටිකක් අප්සේට් වගේ නේද වෙන එකක් ගමුද? නෑ නෑ මේක හොදයි..ඔන්න දැන් මූන රතු කරගෙන..හරි මම ගොඩක් කැමතියි මේකට.ඒකනේ නොනට වඩා මහත්තයා කැමති දේ දන්නෙ කවුද ඉතින් හා....හා එහෙමද?..ඔව් ඇයි? අපෝ මම නම් බඳියි ඔයාව..ඇත්තට බැන්ඳෙ නැත්තම් මම බලාගන්නම්කෝ..ඇයි මොනව කරන්නද ? මම අල්ලලා බැඳ ගන්නවා....දෙනවා එකක් කියලා ඔලුවට පොඩියට ටොක්කක් ඇන්නට මොකද මට නම් පට්ට හැපී අද නම්...දැන් තියන එකම අවුල මේක ගෙදර ගෙනියන එක..අනික මේක මම කොහෙට අදින්නද? ඔයා ඕක එක්සෑම් කරලා කැම්පස් යනකොට අඳින්න මාව මතක් වෙයිනේ එතකොට..කවුද දන්නෙ මම වෙන කැම්පස් එකකට යයිද කියලා....! මම ෆේල් වුනොත්.... අපෝ නෑ ඔයාට මම ෆේල් වෙන්න දෙන්නේ නෑනේ.. හරි අපි යමුද..දැන් මට මොනවද දෙන්නේ?? ඉතින් අද ඔයාගේ බර්ත් ඩේ එක නෙවෙයිනේ...ඇත්තද..මේ ඒක නෙවෙයි අහන්නකෝ ඔයාට සල්ලි කොහෙන්ද නොනේ මේවට...අප්පෝ මම ඔයා වගේ නාස්තිකාර නෑ මම ඉතිරි කරපුවා...එතකොට ඔයාට සල්ලි තියේද...අප්පෝ මුඩ් එක කන්න එපා හලෝ නෝනා තෑග්ගක් දුන්නම ගන්න ඕනි ප්‍රශ්න බෑ මහත්තයෝ...දැන් යං...හරි හරි මගේ ගානෙ අයිස් ක්‍රීම් කමු යාලුවත් ඉන්නවනේ...හම්ම් හැබැයි හැබැයි මට අර චොකලට් එකක්ම ඕනි..හා හා යමුකෝ...

(මෙය මට හිතුනු කතාවක් මිසක් සත්‍ය සිදුවීමක්  නම් නෙවෙයි! :පී)

Tuesday, December 16, 2014

මයික්‍රෝසොෆ්ට් අණසක! (Microsoft SWAY) ඇප් එක....!

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හඳුන්වා දෙන sway app එක දැන් ජනතාවට විවෘතකරලා.මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුනු ඇප් එකක්! මයික්‍රෝෙසාෆ්ට් සමාගම කියන විදිහට නම් දැනට මේ ඇප් එකට සෑහෙන ඉල්ලුමක් තියෙනවා...(මෙ ඇප් එක මුලින්ම හදුන්වා දෙන්නේ 2014 ඔක්තෝබර් මාසේ)

මයික්‍රෝසොෆ්ට් කියන විදිහට:
  It’s been only 10 weeks since we kicked off Sway Preview, and we’ve already had over one million unique visitors to Sway.com and over 175,000 requests to join, and those numbers grow by thousands daily.
SWAYයනු ගොඩක් දෙනෙක් ආස කරන නිෂ්පාදනයක් වෙයි ඊට හේතුව ඒක අර අපි දකින Microsoft Office මෘදුකාංගයේ ලිපිගොනු ආකෘතියෙන් මදක් බැහැරවෙලා කියෙන නිසා.මේ නිසා swayගොඩක් ම cloud එකට හදපු ඇප් එකක් කියන්න පුලුවනි.මේක අනික් අතට MS Office මෘදුකාංගය මේ cloud තාක්ෂනය හරහා ජනප්‍රිය කරවීමේ තවත් උත්සාහයක්.දැනටත් අපිට මේ පහසුකම තිබෙනවා මේ සඳහා ඔබට මයික්‍රෝසොෆ්ට් ගිණුමක්(Microsoft Account) තිබිය යුතුයි!එය නොමිලේ ඔබට නිර්මාණය කරගන්න පුළුවන්.අනාගතේ මේ ඇප් එකට කොච්චර පිරිසක් ආකර්ශනය වේවිද ජනප්‍රියතාවය කොහොම වෙයිද කියන්න අපි දන්නේ නෑ ඒත් දැනට හොද ප්‍රතිචාර තියෙන බව නම් පේනවා.මාත් ටිකක් පාවිච්චි කරලා බැලුවා මේ සබැඳුමෙන් මේකට ගිහින් බලන්න වැඩ ගොඩක් කල හැකියි!.
මෙහිදී ඔබ ගන්න කැන්වස් එහෙම නැත්නම් වැඩ කරන මුහුණත සාම්ප්‍රදායික ලිපි ගොනුවකට එහා ගිය දෙයක්!මෙක වෙබ් පිටු සඳහා හා අන්තර්ජාලයට එක් කිරීමට පහසු හා ගැලපෙන ලෙස ඔබේ ලිපිය සකසා දෙනවා.මීට අමතරව ඔනෑම උපාංගයකට(any device) සහය දක්වන ලෙස තමයි මේ නිර්මාණ ඔබ කරන්නේ.මේක ක්ලවුඩ් තාක්ෂනය සමත ක්‍රියාත්මක වන නිසා ඔයාට ඔයාගේ සමාජ වෙබ් අඩවි වලින් අන්තර්ජාලයෙන් අවශ්‍ය දේ කෙලින්ම ඔබේ නිර්මාණයට එක් කර ගන්න පුලුවන් කලින් කිව්වා වගේ ඒක ශෙයා කරන්නත් පහසුවෙන්ම පුලුවන්......

මේ තියෙන්නේ මේ ඇප් එක භාවිතා කරලා කරපු නිර්මාණයක්! මේක මම ගත්තේ මයික්‍රෝ සොෆ්ට් වෙබ් අඩවියෙන්මයි!
මේ තවත් එකක්





Tuesday, December 9, 2014

හිතට දැනුනු සින්දුවක්! ...........2




හම්ම ඒදා නම් ඇහැරුණේ ෆෝන් එකේ තොරතෝංචියක් නැති සද්දෙට....මලා මැසේජස් 6ක් ඇවිත්! නිදි මතේම ඉතින් මාත් කෝල් එක ආන්ස්වර් කලා....හෙලෝ....ගුඩ් මොර්නින් පොල්කිච්චි..... එයි නැගිටින්න නැගිටින්න කම්මැලිච්චෝ...! ඉතින් මැන්ටලේ මැසේජ් කලාට ඇහැරෙනවද මම ? ගන්නවකෝ කෝල් එකක්! චික් කැත විතරක්..... එහෙම නෙවෙයි ගන්නකෝ කියන්න...කෙල්ලෙක්ට කතාකරන්නවත් දන්නෙ නෑනේ ඔයා....ආ ඔව්නෙ....ඉන්න කල්පනා කරලා බලන්න ඔයාගෙන් තමා ඉගෙන ගන්න වෙන්නෙ.. මට කතා කරන්න ඉන්න එකම කෙල්ලනේ ඔයා...අනේ යනවා යන්න අර ඉන්නෙ බැච් එකේ කෙල්ලො වට කරගෙන. මම දකින හැම වෙලේම කෙල්ලෙක් ඉන්නව කදේ දාගෙන.යනවා යන්න මැට්ටි...ඉතින් දැක්කෙ නැතිද ඔයා පේන්න හිටියොත් මම උන් ඔක්කොටම පෙන්නනවා අර ඉන්නෙ මගේ පොල්කිච්චි කියලා....අහන්නකෝ අයියේ...ඔයා ඔච්චරට මම ගැන බලාපොරොත්තු තියා ගන්න එපා..මම ඔයාට කැමති නෑනෙ....හ්ම්ම්..ඒ වුනාට මම කැමතිනේ.....හා අපි බලමුකෝ.........!වෙලාවකට වැඩිය හුරතල් නැතත් ඒ කටහඩට පුලුවන් මට මුලු ජීවිතේම අලුතින් පටන් ගන්න පුළුවන් වෙන ශක්තිය දෙන්න..ඔයා හැම වෙලේම මම ලගින් ඉන්නව නම් මාත් එක්ක මුලු ලොකෙම තරහවුනත් මොකද කියලා මට හිතෙනවා.ඔයා ලගින් ඉන්න තප්පරයක් වුනත් මට මාර සතුටක් ගේනවා...ඔයා දන්නවද පොල්කිච්චි..?


පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්.....
ජීවිතේ හීනයක් මමදෝ කියන්...
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්...
ඇත්තමයි නුබ මගේ අහසම තරම්...
කවිකාර හීනේ ලඟින් දඟකාර කම් හිත තියන් ....
මනමාලයි ආදරේ නුබ තරම්.......

  
            ඇයි මේ දිගටම කෝල් ගන්නේ.....වැඩක මම ඉන්නේ...මොකද්ද ඔච්චර ලොකු වැඩේ මොකද කරේ?.නෑවා ඇයි..අද කාත් එක්කද ආවේ? යාලුවො ටිකක් එක්ක..හා ඉතින් යාලුවො ටිකක් එක්ක එද්දි අර ඔයත් එක්ක කුඩේ යටින් ආපු එකා මොකාද?..මේ ඇයි ඒ මගේ යාලුවෙක්නේ..හරි අනික අව්ව වෙලාවේ එයා ආවේ.ඉතින් අනික් යාලුවොත් හිටියේ එයාලත් එක්ක එන්න තිබ්බනේ...අයියා මොකෝ මේ...අපි යාලුවෝ ටිකනෙ ආවේ තවත් කොල්ලො හිටියේ.අනික ඔච්චර තරහ ගන්න තරම් දෙයක් වුනේ නෑනේ..ඔයා මගේනේ පොල්කිච්චි වෙන අය යනකොට මට තරහයි මාත් එක්ක යන්කො ඉතින්..හා හා ඊළඟ දවසෙ මම එනකොට හැංගිලා බලන් ඉන්නෙ නැතුව එන්න...නපුරා....!මේකනේ ඔයා ඔව්වා වැඩිය හිතන් නෑ කියලා මම දන්නවා ඒත් බලන අය කියන කතා ඔයා දන්නවනේ....එතකොට අපි දෙන්නටත් ඔහොම එක එක දේ කියනවා ඇති නේද අයියේ...හා හා ඒවා කමක් නෑනේ ඔයා මගේනේ...ඇත්තට හිතන්නේ එහෙමද? ඇයි නැතිද?...දන්නෑ මම! මම වැඩක ඉන්නේ හොදේ මම තියන්නම්.... ආ දැන් උත්තරේ හම්බුනාද ප්‍රශ්නෙට? ඔව්නේ මම අනිකත් එක්ක බලා ගන්නම් ඉතුරු ටික.මේ ඔයා වලි දාගන්නෙ එහෙම නෑ ඒ මගේ යාලුවෝ...නෑ නෑ එත් ඔයාගේ සමහර යාලුවන්ට පොඩ්ඩක් කතා කරන්න වෙනවා මට මමත් ටිකක් යාලුවෙන එක හොදයිනෙ නේද?...එහෙමද ඕන එකක් කරගන්න....හරි දැන් අහන්නකෝ අද කොහොමද ලමයා ඉගෙන ගත්තද? නෑ අද මම මුලු දවසම ලෙක් කට් කලා...දෙනවා දෙකක් ලෙක් කට් කරන්න තහනම්..ඉතින් එතකොට අපි මේ උත්සවේ ඔර්ගනයිස් කරන්නෙ නැතිද...ඔයා එනවද මගේ වැඩ ටික කරලා දෙන්න...හා එන්නම් මම....මේ වැඩේමයි...නෑ නෑ ඔනි නෑ..වෙලාවට ටිකක් රණ්ඩු වුනත් වෙලාවකට හිනා වුණත් ඔයා තමයි මගේ සතුට කියලා ඔයා දන්නවා නේද පොල්කිච්චි....!



             ඇයි????මොකෝ තරහින්? මම එහෙම තමයි...හ්ම්...බස්සි මොකො හ්ම්ම්? මගේ රිසල්ට් ඇවිත්....සබ්ජෙක්ට් දෙකක් ෆේල්!දන්නවා....මම! .ඉතින් කියන්නකෝ ඔයා ඉතිරිවා පාස්නේ!..ඔයා කොහොමද දන්නෙ.? මට නම් මේ ඔක්කොම එපා වෙලා අයියේ ඇයි මේ මිනිස්සුන්ට ලමයි ගැන හිතන්න බැරි ලකුණු 2න් ෆේල් කරලා තියෙන්නේ....ඉතින් මෙහෙමනේ හලෝ අපි හිතන හැම දේම ඒ විදිහටම වෙනවානම් හොඳයිනේ ඒත් එහෙම නෑනේ.....ඒ නිසා ඊළඟ පාර ඔයා ආපහු ඕක ලියමු හො‍ඳේ....මට බෑ...අනේ මගේ සුදු නංගිනේ....අනේ මේ බොරු එපා මම ඔයාටත් වැඩිය කලුයි හරිද!හා හා ඇති දැන් ඔයාට එක්සෑම් නේද පාඩම් කරන්න....හා හා දන්නවද මේ පාර මට රිසල්ට් හොදට තිබ්බොත් ඉතින් ඔයා නිසා තමා....හරිද...මම ඔයා නිසා වැඩ කරනවා වගේ ඔයත් වැඩ කරන්න හරිද?.....හා හා ඇති සීයෙ මම තියෙනවා...හරි නැන්දේ මේ අහන්නකො...අපි ඒ එක්සෑම් එක ඊළග සැරෙත් කරමු හරිද මම නංගිටත් කියන්නම් ඔයාට කරන්න කියන්න කියලා....ඒයි දැන් නංගිටත් කතා කරනවද? මගෙන් අවසර නැතිව එයාට කතා කිරීම සපුරා තහනම්...ආ තව මගේ යාලුවොන්ටත් කෝල් ගන්න බෑ හරිද...එදත් මම තිබ්බම යාලුවගේ ෆෝන් එකට ගත්තා නේද කපටිච්චා!..ඉතින් මේකනේ මම මේ ආදරේ කරන කෙල්ල හෙන අමාරු කාරියෙක්නේ ඉතින් මට ඔයාට කතා කරන්න ඕනි වුනාම මම මොකද කරන්නේ ඔයා ආන්ස්වර් කරන් නැතිනම් බය වෙනවනේ මම...එහෙම බෑ පොරොන්දු වෙන්න ආයේ යාලුවන්ට ගන්නේ නෑ කියලා...ඉතින් ඔයා ආන්ස්වර් කරන් නැතිනම්!මොකෝ ඉරිසියද?..වැඩේමයි! නෑ නෑ මම ආන්ස්වර් කරන්නම්..මෙයා කියන්නේ මම කොල්ස් වලට ආනස්වර් කරන්නෙම නෑ වගේනේ හා ඊයේට විතරක් 10 පාරකට වැඩිය කතා කලා ඇත්තමයි අයියා මට බයයි ඔයා ඔයාගේ වැඩ පාලු කර ගනියි කියලා....අනේ චම් මම දන්නවනේ අද රිසල්ට් එනවා කියලා...කලබලේ දුව දුව පිස්සු නටනවා කියලා දන්න නිසානෙ ඉතින් මම කෝල් කරේ.....අම්මේ ඇති දැන් ඔය ළමයට හෙට එක්සෑම් නේද...යන්න යන්න පාඩම් කරන්න....හරි දැන් රිසල්ට් අඩුයි කියලා මුණ එල්ලන් ඉන්න තහනම් හරිද....ඒක නම් ෂුවර් නෑ දන්නවනේ ඉතින් මම ගැන...හම් හම් හරි හරි අපි තිබ්බා එහෙනම්...මම ඔයා ගැන හිතනවා වගේම ඔයත් මගේ ගැන හිතන විදිහ දැක්කම මට මගේ ජිවිතේම ඔයා ලඟින් කියන්න පුලුවනි..ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි...අපි දෙන්න තරම් අපිව තේරුම් ගත් වෙන කෙනෙක් නෑ කියලා මට හිතෙන නිසා.....


නිදිවරන හිනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැබුරක් එක්කරන් ඔය නමින්....
නුබ දුන්නු ආදරේ අරුත සොයනා සිත්න්
තව නුබට ලං වුනා හුස්ම වැටෙනා දුරින්


           අපි මාතර යන්න ඕනි...ගෙදරට කිව්වම මට බැන්නා යන්න එපා කියලා ඒ වුනාට හොද නෑනේ යන්නම ඕනිනේ යන්තම් ෂේප් කරගත්තා.....අප්පච්චි ඉතින් ඔයාට ආදරේනේ ඒකනෙ ඒ..දැන් අතේ සල්ලි තියේද? මා ගාව 1000ක් තියෙනවා මම ගෙනත් දෙන්නම් ඔයාව ඔච්චර දුර යවන්න මාත් කැමති නෑ ඒත් යාලුවො ඉන්නවනේ අනික නොයා හොද නැනේ ඒ නිසා යන්න...සල්ලි එපා.....මා ගාව තියෙනවා...මම යන්නම්.යන්න යන්න ගියාම ඉතින් මට තමා පාලු...කතා කරන්නවත් කවුරුත් නෑනේ....කොහොමද දැන් යන්නේ? අපේ කට්ටියම ට්‍රේන් එකේ යන්නේ...මේ දැන්ද මට කියන්නේ..නැ කිව්වෙ නැත්තෙ මේකනේ මේ ලමයට වැඩනේ මම කිව්වනම් ඔයා ඒ ඔක්කොම දාලා එනවනේ...එන්න ඇහුවොත් මට බෑ කියන්නත් බෑනේ....ආ ඒ කියන්නේ මම එනවටත් කැමතියි..කියන එකනේ....මේ ඒ වුනාට මම නිසා ඔයාගෙ වැඩ නතර කරන්න එපා අනේ..දැන් එන්නම් මම.පිස්සා ඇත්තමයි ගහනවා අයියෙ මම! ආවොත් ඔයා....නෑ නෑ මම ඔයාව ඇරලවලා යන්න එන්නම්......හා එන්න හැබැයි මම කතා නම් කරන්නෙ නෑ..ඇත්තමයි!ඒ මොකද? මොකද කතා කරොත් ඔයාවත් එක්කන් යන්න ඕන වෙයි මට...ඉතින් යමුකෝ..එතකොට අර තියනවයි කිව්ව ප්‍රසන්ටේශන් එක කරන්නෙ මමද? ඉතින් ඒක තිබ්බදෙන්....ලකුණූ?? කමක් නෑ..ඊට වඩා ඔයා වටිනවනේ..මේ මේ මට ලෙක් එකක්වත් කට් කරන්න දෙන්නෙ නෑ මෙයා ඇසෙස්මන්ට් කට් කරන්න කතාව මම සැරයි හොදද...ඉන්නව ඔහොම...හා හා එන්නෙම නෑ...කොහෙද? ඔයාව ඇරලවන්න...මේ අහන්නකෝ ඉතින් යන්න කලින් මාව බලන්න ආවට නම් කමක් නෑ ඉතින්! හා ඇත්තද කවුද දැන් කපටිචිචා..ඔයා තමා ඔයා මටත් බෝ කරලා ඒක....ඇත්තද.? ඉන්නකෝ ඇවිත් දෙන්න මම බෙහෙත්! හිනා වෙලා ඔයාව යැව්වට මගේ හිත කැගහල ඉල්ලුවේ ඉතින් නවතින්න කියලා.....කොහෙද......මම ඉතින් ඔහේ බලන් හිටියා ....ඇත් වෙලා යන කොච්චිය දිහා අනේ ඔයාව මගේ ජීවිතෙන් නම් ඈත් වෙන්න එපා මම මැරෙයි!......මම මගේ ෆෝන් එක අතට ගත්තේ ආපු මැසේජ් එක බලන්න...ඒයි දැන් ට්‍රේන් එක දිහා බලන් ඉන්න එපා...යන්න යන්න නැත්නම් මිනිස්සු හිතයි පිස්සු කියලා....මම ඉක්මනට එනවනේ මෝඩයෝ...


නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකි බින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නැ හදේ නුබට දුන්නා තරම්


 ඉක්මනට එන්න මම බලන් ඉන්නවා.....තව දවසක් දෙකක් හැමදාමත්.......!
(photo is from my photo collection in flikr!)