| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Friday, January 2, 2015

Firefox theme එකක් ලේසියෙන් හදමුද?

මේක හරිම easy වැඩක්! අපි කරන්න හදන්නේ අපේම පින්තූරයක් භාවිතා කරලා Firefox themes හදන එක.මේක පුංචිම දෙයක් ඇත්තටම ලස්සනට ගොඩක් මහන්සිවෙලා මේ වැඩේ කරන්නත් පුලුවන් අද අපි පුංචිම තැනින් පටන් ගමු.Firefox themes එහෙම නැතිනම් “personas” වලට පුලුවන් ඔයාගේ browser එක ඔයාටම ඕන විදිහට වෙනස් කරන්න.
හරි වැඩේට යමු.Chrome වල මේ වැඩේ කරන්න කැමති අය මෙතනට යන්න.. Chrome theme එකක් ලේසියෙන් හදමුද?

ඉමේජ් එක සකසා ගැනීම

සරලම ෆයර් ෆොක්ස් theme එකේ images දෙකක් තියෙනවා.අපි කියමුකෝ ප්‍රධාන රූපය එහෙම නැතිනම්  header image එක තමා උඩ කොටස ආවරණය කරන්නේ.ඊලගට footer image එක පහල කොටසට නමුත් අලුත් ෆයර් ෆොක්ස් සංස්කරණ වල මෙම කොටස එච්චර භාවිතයක් නැති නිසා මේ රූපය අවශ්‍යම නෑ.
මේ විදිහට හදපු themes බලන්න මෙතනින්.
මුලින්ම ඔයා කැමති ලස්සන රූපයක්  දෙකක් හොයාගන්න පොඩ්ඩක් හිතල මේ තේරීම කරගන්න.මොසිල්ලා නම් කියන්නේ “Subtle, soft contrast images and gradients work best; highly detailed images will compete with the browser UI.” කියලා.මේකයි අපි මේ රූපය යොදන තැන ගැන හිතන්න ගොඩක්ම අපේ බ්‍රවුසර් එකේ දකුණු පැත්තනේ හිස් ඒ කියන්නේ රූපයේ ගොඩක් දකුණු පැත්තට ලස්සනට තිබ්බොත් නියමයිනේ.මේකට ඔයා යොදා ගන්න රූප දෙකට පහත අවශ්‍යතා තියෙන්න ඕන.

  • Header Image: 3000 pixels wide x 200 pixels tall, PNG or JPG format, 300 KB maximum file size
  • Footer Image: 3000 pixels wide x 100 pixels tall, PNG or JPG format, 300 KB maximum file size
ඔයාට පුලුවන් ‍මේ අවශ්‍යතා වලට ගැලපෙන රූපයක් යොදාගන්න එහෙම නැතිනම් ඔයාම එකක් නිර්මාණය කරලා යොදාගන්න දැන් ගොඩක් මෘදුකාංග තියනවා ඔයාට මේ සඳහා පාවිච්චි කරන්න පුලුවන්!ඔයාට පුලුවනි ඔන නම් රූපයක් තොරාගෙන අදාල මිනුම් වලට crop කරගන්නත්!


හදපු theme එක කොහොමද බලමු..

මේකට ඉතාම පහසු ක්‍රමයක් තියෙනවා.ඔයාට මේ සඳහා පොඩි එක්ස්ටෙන්ෂන් එකක් භාගත කරගන්න වෙනවා ඔයාගේ බ්‍රවුසර් එකට! මේක official extension එකක්!( Personas Plus extension.) දැන් browser එක restart කරන්න දැන් ඔයාට පෙනේවි ඔයාගේ toolbar එකේ දකුණු පැත්තේ පොඩි icon එකක්( පොඩි නරියෙක් ඔන්න! :p ) ඒක click කරල Preferences තොරන්න. “Enable custom personas” check box එක තෝරලා OK කරන්න.


ඊට පස්සේ  icon එක click කරලා custom Persona තොරලා Edit click කරන්න.දැන් ඔයාට වින්ඩෝ එකක් දකින්න පුලුවන් වෙයි ඔයාගේ theme එකට අදාල රූප, පාට,නමක් තෝරන්න තියෙන! ඉතින් මෙතනින් අදාල දේවල් තෝරන කොට ඔයාගේ browser එක වෙනස් වෙලා අදාල වෙනස් කම පෙන්නාවි.දැන් ok කලාම මේ theme එක ඔයාගේ browser එකට apply වෙනවා.
.

මේ theme ඕනෑම මෙහෙයුම් පද්ධතියක වැඩකරනවා.(Firefox on Windows, Linux, or Mac OS X.)

අපේ Theme එක ලොකේටම දෙමුද?

මේ වැඩේ හරිම ලෙසියි! ඔයා හදපු theme එක හැමෝටම පාවිච්චි කරන්න දෙන්න ඔයා කැමතිනම් කරන්න තියෙන්නේ එක Mozilla add-ons gallery website එකට ඇතුල් කරන එක.මේ සඳහා ඔයාට developer account එකක් ඕන.මේක නොමිලේ හදන්න පුලුවන්!ඔයා මේකට theme එක ඇතුලත් කරාම ලොකයේ Mozilla පාවිච්චි කරන හැමොටම කැමතිනම් ඔයාගෙ theme එක පාවිච්චි කරලා බලන්න පුලුවනි.rate කරන්න පුලුවනි  Mozilla add-ons gallery website එක හරහා.මේ සඳහා මේ සබැඳියෙන් යන්න.

Sunday, December 14, 2014

මේ ඔබේ උදව් අවශ්‍ය කාලයයි! රටට වැඩ ඇති දෙයකට දායක වෙමු.......

     
අපි කවුරුත් මේ දවස්වල සතුටු වුනු (විශේෂයෙන් පරිගණක ආශ්‍රිතව වැඩ කරන අය!) ආරංචියක් තමයි ගූගල් තමන්ගේ පරිවර්තන සේවාවට සිංහල භාෂාව එකතු කරපු එක.මේක ඇත්තටම සැහෙන කාලෙක ඉදන් ලංකාවේ අය බලාපොරොත්තු වුනු සෑහෙන්න මහන්සි වෙලා ලබාගත්ත දෙයක්! මේ සේවාව තවමත් පවතින්නේ මුල් මට්ටමේ මෙක තාම ඉගෙන ගන්නවා(මම කිව්වේ වැඩසටහන).සිංහල භාෂාවට යමක් පරිවර්ථනය කිරීම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි දෙයක්! මේ සම්බන්ධව බොහොම සුලුවෙන් වැඩ කළ කෙනෙක් විදිහට මම දන්නවා ඒකේ තියන වගකීම...!මේ සඳහා දායක වෙන්නේ ඔබ මම වගේම ශ්‍රී ලාංකිකයෝ(විශේෂයෙන්ම තරුණ තරුණියෝ පරිගණක ක්ෂේත්‍රෙයේ ඉගෙන ගන්න).නමුත් කනගාටුවට කරුණ තමා මේක විහිලුවක් බවට පත්කර ගැනීම.ඇත්තටම මේකට කට්ටිය කොච්චර මහන්සි වුනාද කියලා (කොච්චර ගූගල් ලංකා සමූහය මහන්සි වුනාද කියලා ) මම පෞද්ගලිකව දන්නවා.

     
රටට ආදරේ කරනවා නම් රටට සේවයක් සුලුවෙන් හරි කරන්න ඔබ කැමතිනම් මේ සම්බන්ධව විහිලු නොකර ගූගල්ට උදව් කරන්න මේ වැඩේට. බොරු පරිවර්තන කරලා ආතල් ගන්න එපා.මේ අපි අපේ රටට කරන දෙයක් අනාගතේ අපේ නංගියෙක් මල්ලියෙක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය සැරිසරනවා දකින්න අපි ආසයි නේද? සිංහල අන්තර්ජාලය පුරා පිළිගත් භාෂාවක් වෙනවා දකින්න අපි කැමතියි නේද?.අපි මේ වගේ ඉදිරිපත් කරන බ්ලොග් වෙනත් භාෂා කතාකරන අය එයාලගේ භාෂාවෙන් කියවලා අදහස් ඉදිරිපත් කරනවට අපි කැමතියි නේද?කොටින්ම සුද්දට අධිරාජ්‍යවාදී බලවේග වලට බැන බැන ඉන්න නැතිව අපේ කම ලෝකෙට දෙන්න හොදම අවස්ථාවක් නේද?

           මේ ලිපිය ලියන්නේ පොඩි කනගාටුවක් එක්ක මොකද මේක විහිලුවට ලක්කරමින් ඉදිරිපත් කරපු බොහෝ දේ දැක්ක නිසා...දන්නේ නැති අයට දැනගන්නත්,අර රටට යමක් කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පොඩි අවස්ථාවක් දෙන්නත් මම පහතින් සබැඳුම් ටිකක් දාන්නම්.මේවට ගිහින් මේ වැඩේට උදව් කරන්න.මතක තියා ගන්න හැම දේම එක දවසින් සාර්ථක වෙන්නේ නෑ.ඒ වගේම අපේ උදව් නැතිව මේ ඇමෙරිකාවෙ සමාගමක් සිංහල දියුණු කරන්නේ කොහොමද? බොක්කෙන්ම අහනවා නම් මොන ඇම්මකටද? මේ නිසා මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් අන්තර්ජාලයේ සැරිසරන අයට සිංහල තවදුරටත් තේරුම් ගන්න බැරි බාසවක් නෙවෙයි කියන තත්වෙට ගේමු නේද? තරුණ අපිට රටට කරන්න පුළුවන් ලොකු සේවයක් නේද? රස්සාවක් සල්ලි නම් හම්බෙන් නැතිවෙයි :පී

කරන උදව්වක් බොක්කෙන්ම කරන්න බොරු තේරුම් දෙන්න එපා මේක ප්‍රජාවක් විසින් මෙහෙයවන දෙයක් ඔයා වැරදි තේරුමක් දුන්නොත් ඒක නිවැරදි කරන්නෙත් ඔයා වගේම ශ්‍රී ලාංකිකයෙක්!අපේ භාෂාව අපි ලොකෙට ගෙනියමු නැතුව මේක අපේ මෝඩකම පෙන්නන තැනක් කරගන්න එපා.අනික වැරුද්දක් දැක්කොත් ලංකාවේ පුරුද්දට කාටවත් බැන බැන ඉන්න එපා මේකට ඔයාට උදව් කරන්න පුළුවන්! දැනුම් දෙන්න එ් ගැන !නැත්නම් ගිහින් ඔයාම නිවැරදි කරන්න.


ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
උදව් කරන්න කැමත් අයට.......