| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label වැව. Show all posts
Showing posts with label වැව. Show all posts

Friday, October 12, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය 2-තාක්ෂණය

මේකට කලින් ලිපිය කියවලා නැත්නම් ඒක කියවලාම එන්න මෙතනින්......

අපේ පැරැන්නෝ වැව් හදද්දී අනුගමනය කරපු ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා

01. කදු දෙකක් තියෙන තැනක් තෝරාගෙන මැද නිම්නයක් හාරා එහි පස්වලින් තරමක උසට කදු දෙකේ දෙපැත්ත පුරවා ලොකු බැම්මක් ඉදිකිරීම
02. කදු වලින් වටවූ ස්ථානයක් තෝරාගෙන විවෘත ස්ථානයකින් වැව් බැම්ම සෑදීම
03. කදු වලින් ගලා බසින ඔයවල් වල තරමක් උස ගල් සහිත කදුගැට වලින් පහළට ගපා බසින තැනක උස් භූමි ප්‍රදේශ අල්ලා ශක්තිමක් බැම්මක් බැදීම
04. විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යන ගගක් හෝ ඔයක් හරහා වේල්ලක් බැදලා ඊට තරමක් දුරින් වැව සාදා වේල්ලේ සිට ඇලක් වැවට කැපීම(අමුණත් මේ වගේ ගග මැදින් වේල්ල බැදලා වතුර උස් ප්‍රදේශයකට ගන්න ක්‍රමයක් ඔන්න)

Thursday, October 11, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය1-අතීතය

ඔන්න ඉතින් මේ වැස්සත් එක්ක හිටි ගමන් එක එක දේ හොයන්න හිතෙනවා.වැව් බැදි රටේ ඉදලත් වැව් ගැන දන්නෙ නැත්නම් ඉතින් වැඩක් නෑ කියලයි මම හිතන්නෙ මේ දවස් වල පොඩි පිස්සුවක් හැදිලා වැව් ගැන හොයමින් ඉන්නේ..ඉතින් ඉදිරියේදි වැව් සංස්කෘතිය ගැන අපේ බාසාවෙන් මොනවහරි ලියවෙයි ඒකටත් එක්ක ප්‍රයෝජනවත් වෙයිනෙ කියලයි,නොදන්න අයට දැන ගන්නයි, අපේ වැව් කර්මාන්තයේ ඉතිහාසය ටිකක් කියන්නම්.....මේකත් ඉතින් පටන් ගන්නෙ විජයගෙන් තමයි ඔන්න.....

ඉන්දියාවේ වයඹ දිග පැත්තෙන් හා ඊශාන දිග පැත්තෙන් ලංකාවට ආපු ඉන්දු ආර්යයන්ගේ ප්‍රධාන ආහාරය තමයි බත්! ඒ නිසා ඉන්දු ආර්යය යන් වී ගොවිතැන හා වාරි කර්මාන්තය ගැන යම් දැනිමක්  ඇතිව ඉන්න ඇති.මුල්ම කාලෙ ජල යන්ත්‍ර ආධාරයෙන් ලිං වලින් ජලය ඇදීමෙන් පස්සේ ඇළවල් කාණු මගින් ස්වාභාවික ජලාශ වලින් කුඹුරු වලට ජලය ගෙන යන්න ඇති මේ ගැන විවිධ ග්‍රන්ථ වල සදහන් වෙලා තියනවා කියලා අපේ සමාජ අධ්‍යනය සර් කිව්වා මතකයි(ඕං මටනම් ඔය පොත් වල නම් මතක නෑ වෛදික ග්‍රන්ථ වල කියලා නම් මතකයි).ඉතින් කොහොම හරි පස්සෙ කාලේ අපේ මේ විශිෂ්ට වාරි කර්මාන්ත බිහිවෙන්න මේ දැනුම හේතු වෙන්න ඇති.මේ වගේ වැඩර්ලා කාලයක් යනකොට ඔන්න ඉන්දියාවෙත් හිටියෙ නැතිලු.(අපි එහෙමනේ)