| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label google. Show all posts
Showing posts with label google. Show all posts

Sunday, January 4, 2015

Google Chrome theme එකක් ලේසියෙන් හදමුද?


මේක ඇත්තටම ගොඩක්ම ලේසි වැඩක් කරන්න තියෙන්නේ ගුගල් දෙන ඇප් එකක් පාවිච්චි කරන්න විතරයි! මේ වගේ ලොඩක් themes බලන්න ඕන නම් Google’s Chrome Web Store එකේ  themes for Chrome යන්න.එතැන ගොඩක් themes තියෙනවා ඔයාට පාවිච්චි කරන්න පුලුවන්! හරි අපි දැන් අපේම එකක් හදන්නනේ යන්නේ වැඩේ පටන් ගමු!

මුලින්ම මොකද්ද??

මුලින්ම ගිහින් මේ ඇප් එක ගන්න My Chrome Theme app දැන් ඒක ස්ථාපනය(install) කරගන්න.දැන් ඔයාගේ බ්‍රවුසර් එකේ ඇප්ස් අතර මේ ඇප් එකත් පෙන්නාවි.ඒ ඇප් එක click කරන්න පහත වගේ වින්ඩෝ එකක් ඔයාට ලැබේවි. දැන් ඉතින් හරිම ලේසියි එකේ පිලිවලටම යන්න.ඊ තලත් දාලවේ තියෙන්නේ buttons වල.



Image එකක් තොරාගැනීම.

මේ සඳහා ඔයාට ඕනෑම ඔයා කැමති රූපයක් හරි ඔයාම නිර්මාණය කරගත්ත රූපයක් යොදාගන්න පුලුවන්!නැත්නම් වෙබ් කැමරාවෙන් රූපයක් ගන්නත් පහසුකම තියෙනවා.


මේ ඇප් එක පාවිච්චි කරලා ඔයා upload කල පින්තූරයට වෙනස්කම් කරන්නත් පුලුවන්.පින්තූරයට effects යොදන්න,size එක හදාගන්නත් පුලුවන්. දැන් ඊලගට...











වර්ණ යොදමු

මෙතනදී ඔයාට අවශ්‍ය පාට යොදන්න පුලුවන් ඔයා ගත්ත රූපෙට ගැලපෙන්න පාට යොදන්න පුලුවනි.මෙතන ඔයාට ඒ ඒ tab වලට වෙන වෙනම පාට තෝරන්න පහසුකම තියෙනවා.නැත්නම් Google ගේ  i am feeling lucky option එකත් තියෙනවා ඒ කියන්නේ ඇප් එකෙන් ඔයාගේ රූපයට ගැලපෙන පාට තෝරලා දෙනවා.


Theme එක ස්ථාපනය කිරීම සහ share කිරීම

වැඩ ඉවරනම් ඊළඟ step එකේදි ඔයාට දකින්න ලැබේවි මේ theme එකට නමක් දෙන්න කියලා පනිවිඩයක් ඊට පස්සේ භාගත කරගන්න හරි share කරන්න හරි theme එක ස්ථාපනය කරගැනීමේ හරි පහසුකම තියෙනවා.share කරනකොට ඔයාට හම්බෙන link එක හැමෝටම share කරන්න තමා ඉතින් තියෙන්නේ.





How to create your own theme for Google Chrome Web Browser


Its really easy to create a simple theme in Google Chrome! Google’s Chrome Web Store offers a variety of themes for Chrome, which include background images for your new tab page and custom colors.
There is a official Google app which allows you to create a custom Google theme quickly and easily!
You can even share the themes you create.

Getting Started

First grab the My Chrome Theme app from Google.install it from the Chrome Web Store. It will appear on your new tab page, where your other installed Chrome apps do.



Choosing an Image

You can either upload an image file or capture an image from your webcam.choose an image and you can check how it looks like when it applied!


You can upload your own creation or a graphic or a photo or any one from another source.and you can add effects and resize the image and some editing through the App











Adding Colors

On the next screen, you’ll be able to choose separate colors for the frame, toolbar, and background color. Of course, this is a Google app, so there’s an “I’m feeling lucky” button that will automatically select some appropriate-looking colors for you. The automatically selected colors will attempt to match the background image you selected earlier.


Installing and sharing Your Theme

After you finished you will have an option to install your theme to your browser and share it with your friends!for sharing you'll get a link and you can share it with your friends through Google+, Facebook or using any other media you like!




Sunday, December 14, 2014

මේ ඔබේ උදව් අවශ්‍ය කාලයයි! රටට වැඩ ඇති දෙයකට දායක වෙමු.......

     
අපි කවුරුත් මේ දවස්වල සතුටු වුනු (විශේෂයෙන් පරිගණක ආශ්‍රිතව වැඩ කරන අය!) ආරංචියක් තමයි ගූගල් තමන්ගේ පරිවර්තන සේවාවට සිංහල භාෂාව එකතු කරපු එක.මේක ඇත්තටම සැහෙන කාලෙක ඉදන් ලංකාවේ අය බලාපොරොත්තු වුනු සෑහෙන්න මහන්සි වෙලා ලබාගත්ත දෙයක්! මේ සේවාව තවමත් පවතින්නේ මුල් මට්ටමේ මෙක තාම ඉගෙන ගන්නවා(මම කිව්වේ වැඩසටහන).සිංහල භාෂාවට යමක් පරිවර්ථනය කිරීම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනි දෙයක්! මේ සම්බන්ධව බොහොම සුලුවෙන් වැඩ කළ කෙනෙක් විදිහට මම දන්නවා ඒකේ තියන වගකීම...!මේ සඳහා දායක වෙන්නේ ඔබ මම වගේම ශ්‍රී ලාංකිකයෝ(විශේෂයෙන්ම තරුණ තරුණියෝ පරිගණක ක්ෂේත්‍රෙයේ ඉගෙන ගන්න).නමුත් කනගාටුවට කරුණ තමා මේක විහිලුවක් බවට පත්කර ගැනීම.ඇත්තටම මේකට කට්ටිය කොච්චර මහන්සි වුනාද කියලා (කොච්චර ගූගල් ලංකා සමූහය මහන්සි වුනාද කියලා ) මම පෞද්ගලිකව දන්නවා.

     
රටට ආදරේ කරනවා නම් රටට සේවයක් සුලුවෙන් හරි කරන්න ඔබ කැමතිනම් මේ සම්බන්ධව විහිලු නොකර ගූගල්ට උදව් කරන්න මේ වැඩේට. බොරු පරිවර්තන කරලා ආතල් ගන්න එපා.මේ අපි අපේ රටට කරන දෙයක් අනාගතේ අපේ නංගියෙක් මල්ලියෙක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය සැරිසරනවා දකින්න අපි ආසයි නේද? සිංහල අන්තර්ජාලය පුරා පිළිගත් භාෂාවක් වෙනවා දකින්න අපි කැමතියි නේද?.අපි මේ වගේ ඉදිරිපත් කරන බ්ලොග් වෙනත් භාෂා කතාකරන අය එයාලගේ භාෂාවෙන් කියවලා අදහස් ඉදිරිපත් කරනවට අපි කැමතියි නේද?කොටින්ම සුද්දට අධිරාජ්‍යවාදී බලවේග වලට බැන බැන ඉන්න නැතිව අපේ කම ලෝකෙට දෙන්න හොදම අවස්ථාවක් නේද?

           මේ ලිපිය ලියන්නේ පොඩි කනගාටුවක් එක්ක මොකද මේක විහිලුවට ලක්කරමින් ඉදිරිපත් කරපු බොහෝ දේ දැක්ක නිසා...දන්නේ නැති අයට දැනගන්නත්,අර රටට යමක් කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට පොඩි අවස්ථාවක් දෙන්නත් මම පහතින් සබැඳුම් ටිකක් දාන්නම්.මේවට ගිහින් මේ වැඩේට උදව් කරන්න.මතක තියා ගන්න හැම දේම එක දවසින් සාර්ථක වෙන්නේ නෑ.ඒ වගේම අපේ උදව් නැතිව මේ ඇමෙරිකාවෙ සමාගමක් සිංහල දියුණු කරන්නේ කොහොමද? බොක්කෙන්ම අහනවා නම් මොන ඇම්මකටද? මේ නිසා මේ හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් අන්තර්ජාලයේ සැරිසරන අයට සිංහල තවදුරටත් තේරුම් ගන්න බැරි බාසවක් නෙවෙයි කියන තත්වෙට ගේමු නේද? තරුණ අපිට රටට කරන්න පුළුවන් ලොකු සේවයක් නේද? රස්සාවක් සල්ලි නම් හම්බෙන් නැතිවෙයි :පී

කරන උදව්වක් බොක්කෙන්ම කරන්න බොරු තේරුම් දෙන්න එපා මේක ප්‍රජාවක් විසින් මෙහෙයවන දෙයක් ඔයා වැරදි තේරුමක් දුන්නොත් ඒක නිවැරදි කරන්නෙත් ඔයා වගේම ශ්‍රී ලාංකිකයෙක්!අපේ භාෂාව අපි ලොකෙට ගෙනියමු නැතුව මේක අපේ මෝඩකම පෙන්නන තැනක් කරගන්න එපා.අනික වැරුද්දක් දැක්කොත් ලංකාවේ පුරුද්දට කාටවත් බැන බැන ඉන්න එපා මේකට ඔයාට උදව් කරන්න පුළුවන්! දැනුම් දෙන්න එ් ගැන !නැත්නම් ගිහින් ඔයාම නිවැරදි කරන්න.


ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
උදව් කරන්න කැමත් අයට.......

Sunday, December 7, 2014

ගූගල් ගෙන් අළුත් වැඩක්!.......

ගුගුල් විසින් නවතම " Tick a Box " ක්‍රමයක් හදුන්වා දී ඇත. මෙය ස්පෑම් වලට එරෙහිව පෙරනයක් (Filter) එකක් ලෙස ක්‍රියාකරනු ඇත.
පෙර තිබු සොයා ගත නොහැකි වචන සහ පින්තුර වෙනුවට හදුන්වා දුන් ඉතාම පහසු ක්‍රමයක් ලෙස හැදින්විය හැකියි.
මෙහෙදී ඔබෙන් මුලින්ම විමසන්නේ ඔබ රොබෝ පරිගණක වැඩසටහනක්ද නැද්ද යන්න වගයි. නැතිනම් ඒ අනුව ඉදිරියට යමින් ඔබට ලබා දෙන පින්තුරයට සමාන සමාන කිරීමට පහසු පින්තුර කිහිපයක් ලබා දෙයි.

මෙහිදී ඔබට සමානකමින් යුත් රූප තේරීමක් කිරීමට සිදුවන අතර එය එකම රූපය ගැළපීමක් නොවන බැවින් කෘතිම පරිගණක වැඩසටහන් වලට ඇතුල් වීම අවහිර කරයි.එයින් ඔබ වඩාත්ම නිවැරදි රුපය මත ක්ලික් කල යුතුයි. මෙම නවතම ක්‍රමය යොදා ගැනීමට හේතුව වී ඇත්තේ දැනට තිබෙන ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් සමහර දියුණු අනවසර පිවිසීම් (Bot) වැඩසටහන් වලට එරෙහිව ක්‍රියාත්මක නොවීම නිසයි.

මෙහිදී ගුගුල් ආයතනය පවසන්නේ වෙනත් ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් වලට සාපේක්ෂව කාලයද මෙහෙදී පරිශීලකයාට ඉතිරි වේ.





මේ පිලිබඳ විස්තර කෙරෙන රූප සහ වීඩියෝ පහතින්........
 
 
 
යූ ටියුබ් වීඩියෝව...