කෑගසනා ඔබ දැක්කම
දිනුමක් නැතිවද ඔබ හට
හිතුනා මට එහෙම ටිකක්
අනුන්ට වාසනාව විකුණන
ඔබ හට නැත එය පිහිටා
උත්සාහය එය පරදන
බව දැනෙනවා ඔබ දැක්කම
ඉසිලිය නොහැකිය ඒ බර හරියට
එනමුදු උසුලයි මුලු පවුලක බර
හසුරාගෙන යන්නේ හෙමිහෙමිහිට
පදවයි ජීවිත රිය ඉදිරියටම
හිගාකන්න බෑනෙ අයියෙ
මගේ අතපය හරි හය්යයි
එතකන් කරනවා පුලු පුලුවන් ජොබ්
කාටවත්ම බරක් වෙන්න කැමතිම නෑ මම කොහොමත්
අම්මා නංගි ගෙදර සිටී
තාත්තා නම් ලෙඩින් ඇදේ
මම හොයනා දෙයින් තමා
ඒ ගොල්ලත් ඉන්නේ
මල්ලියේ නුඹේ කතාවට
දැනෙන්න ඕන දුකක්!
ඒත් දැනෙයි මට සතුටක්
උඹ විරැවෙක් නොවැ පුංචිම