| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Sunday, December 28, 2014

දැනගැනීම පිණිසයි! ෆේස්බුක් සහ මම


ඔයා ගේ ඩයරි එක ඉතින් ෆේස්බුක්නේ..... මේ මට අහන්න ලැබුණු මා පිළිබඳව මෑතදී කෙරුණු විවේචනයකි.මා ඉතින් මේ ප්‍රකාශයට ඒ මොහොතේ යමක් නොකිව්වේ ඒ මොහොතේ මා ඊ්ට පිළිතුරු දීමට වඩා මහා ගැටලුවක සිටි නිසාවෙනි.
අනික් කරුණ  දැන් අන්තර්ජාලයට බොහොදෙනෙක් සිංහලෙන් බොහෝ අදහස් එක් කර තිබේ දැන් ලෝකය දියුණුයි! එහි සිංහල භාෂාවටද අනිවාර්යය ඉඩක් තිබේ.තම නිර්මාණකරණය,අදහස් ප්‍රකාශ කිරීම ඒ හරහා සිදු කිරීම ඒ නිසා ඉතාම වටිනා ක්‍රියාවකි!.මමද අඩු වැඩි වශයෙන් මෙය සිදු කරන බව මම පිලිගනිමි.එය තමාව මාකට් කරගැනීමේ උත්සාහයක් ලෙස කෙනෙක් අර්ථදක්වයි නම් ඇත්තවශයෙන්ම ඔව්! අනෙක් අය මේ පුද්ගලයාව අවබෝධ කර ගන්නේ ද මෙවන් ක්‍රම වලිනි. ඉදින් මම මගේ දක්ෂතාවය, හැකියාව, දැනුම, ආකල්ප, ප්‍රහසනය මේ හරහා අන් අයට අවබෝධ කරවීමට උත්සාහ කිරීමෙන් මට යහපතක් සිදුවිය හැකිය. අයහපතක් වීමද විටෙක වැළැක්විය නොහැක.මට රස්සාවක් ලැබිය හැකිය. නැතිවීමද විය හැකිය.මට අවස්ථා ලැබිය හැක නැතිවීමටද පිළිවන.එය සිදුවන්නේ මම මේ මාකට් කර ගැනීම සිදුකරන ආකාරයටය.එය සිතා මතා කරන්නක් නොවේ යන්න නම් මම කිව යුතුය.ප්ලෑන් ගසා දේවල් ලබා ගැනීමට මම කපටි නැති බව මාගේ අත්දැකීමය.කඩේ යාමට මම මාගේ අදහස් යොදාගැනීමෙන් මට ලැබෙන දෙයක් නැත.
මම මාගේ අදහස් ප්‍රකාශ කිරීමට ෆේස්බුක් යොදාගත් පමනින් මම සියල්ල මෙහි ලියා තබනවායැයි කීම විහිලුවකි.සියල්ල ලියු කල්හි සියල්ලන්ට සියල්ල නැතිවීමටද පුළුවන.එහෙත් මම කියන දේ හෝ මම සිතන දේ මම ෆේස්බුක් හී සටහන් කර ඇත්නම් ඒ අනිවාර්යයෙන්ම මට පෞද්ගලික හැඟිමක් වූ පමණින් එය සැඟවිය යුතු නැතැයි මම තරයේ සිතන නිසාය.මම කවියක් හෝ අදහසක් ලියූ පමණින් ඒ මාගේ ජීවිතය හෝ ඒ මාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙස සිතීම ඉතා අනතුරුදායක විය හැක.එහෙත් මට දැනෙන දේ තවත් බොහෝ දෙනෙකුට වඩා තිව්ර ලෙස දැනෙතැයි මා සිතන නිසාවෙන් ඒ සහෘද හැඟිමෙන් ම ලියා තැබූ සටහන් බොහොමයක් තිබෙන මම පිළිගනිමි.
ඉතා දක්ෂ ලෙස තම අදහස් ෆේස්බුක් හරහා සමාජගත කරන ඉතා නිර්මාණශීලි තරුණ පිරිසක් ෆේස්බුක් හි සිටින බව අප පිළිගත යුතුය දැන් ෆේස්බුක් යනු හුදෙක් විනෝදය සපයන් තැනක් නොව රටේ වෙනසක් කළ හැකි සමාජ කතිකාවත් ඇතිවන තැනක් බවට පත්වී ඇත.එය නම් සිදුවිය යුතුම දෙයකි.
ඒ නිසා මාගේ ආකල්පය නම් මට සිතෙන වැදගත් දේ ගැන සටහන් තැබීම සිදුකල යුත්තක් බවය.එය සමහර විට තවත් බොහෝදෙනෙක් අවදි කරන්නක් විය හැකිය.ඉපදුණාට ජීවත් වී ජීවත් වෙනවාට කුමක් හෝ කර සියල්ල තමාට පමණක් ලබාගතයුතු යැයි සිතන කුහකයෝද තම අදහස් විවෘත ලෙස ප්‍රකාශ නොකරති! නමුත් මාගේ විශ්වාසය නම් සියල්ල හේතුවක් ඇතිව සිදුවන බවය.
මා මිනිසෙක් ලෙස උපන්නේ හේතුවක් ඇතිවය ඒ අනිවාර්යයෙන්ම සල්ලි කන්දක් ගොඩ ගසා හෝ දුප්පත් බවින් මිරිකී ජීවත්ව මිය යාමට නොව.මා ඉගෙනගත් දෙයකින් මාගේ හැකියාවෙන් යමක් කිරීමටය මනුස්සකම යන්න වඩා අවබෝධකර ගැනීමටය තවත් මිනිසෙකුට දුකක් දී ජයක් ලබයි නම් හෝ මම වැනිම තවත් මිනිසුන් සිටි යයි නොසිතා ක්‍රියා කිරීමට මම විරුද්ධය එය මා අදහන බෞද්ධ දර්ශනය නොවේ.එනිසා මා ලියා තබන දෙයින් කාට හෝ යහපතක් වීම හෝ කවුරුන් හෝ සියුම් සතුටක් ලැබීම මාගේ පරම සතුට විය හැකිය.මා නැති කලක හෝ මම යමක් කලාය කියා කොහේ හෝ සටහන්ව තිබීම විය හැකිය.එසේම මම ඉතාම සාමාන්‍ය කෙනෙක් බව මාගේ පිලිගැනීමයි..මට රට පෙරලන්නට හෝ රොකට් හදන්නට බැරිය එහෙත් මට අනිවාර්යයෙන් කල හැක්කක් තිබේ ඒ සුලුවෙන් හෝ මගේ හැකියාවෙන් දැනුමෙන් අන් අයගේ එකමුතුවෙන් යමක් කිරීමය හෝ බොහො දෙනා කරන යහපත් වැඩ වලට මට හැකි අයුරින් වචනයකින් හෝ දායක වීමය.මෙහිදී අපිට කුඩා කාලයේ නිතර කියන කතාවක් සඳහන් කිරීම වටී.රටක් යහපත් වීමට,දියුණු වීමට මිනිසා යහපත් දියුණු විය යුතුය.රට හදන්න නම් උබ හැදෙන්න ඕන...!
ලොකයේ මිනිස්සු සර්වසාධාරණ හෝ උග්‍ර අවහිංසාවාදි හෝ නොවිය හැක වැරදි සිදුවිය හැකිය ඒවා තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කල යුතු බව මාගේ හැඟීමයි.මේ ලියන්නේද පම්පොරියක් ලෙස කෙනෙකු විග්‍රහ කළ හැකි බව මම දනිමි.පම්පොරි ගැසීමක් කරනවා නම් කිරීමට මීට වඩා දේ ඇති බවත් මීටත් වඩා ක්‍රම තිබෙන බවත් දන්නෝ දනිතියි මම සිතමි.මේ සටහනද මෙසේ ලියන්නේ මා වැනිම මෙවන් ප්‍රකාශ වලින් කෙනෙක් අධෛර්ය්‍ය වේ යැයි සිතුනු නිසාය.ඔබ ඔබ ලෙසම තම හැඟීම් ලියා තැබීම වරදක් නොවේ ඔබේ මිතුරන් සමඟ ඒවා හුවමාරු කරගැනීම වරදක් නොවේ මේ සමාජශාලා සංකල්පය හුදෙක් ඒ සඳහාමයි... නැතිව බොරු නම් හෝ රූප වලින් පෙනි සිටිමින් මිනිසුන් නොමග යැවීමට හෝ කාටත් හොරෙන් පැමිණ පෝස්ට් නරඹා හොරෙන්ම පිටවී යාමටද නොවේ.එය කාලය කා දැමීමකි!තේරුමක් නැති ක්‍රියාවකි!ඊට වඩා තම වත්ත සුද්දකර මල්පැල ටිකක් වැවීම හෝ පොතක් පාඩම් කර ගැනීම හෝ කාමරය වටපිටාව පිරිසිදු කිරීම ඉතාම යහපත්ය.මන්ද එය ඔබට ප්‍රෙයා්ජනවත්ය.මුදල් සහ කාලය දෙකෙන්ම වැඩ ගැනීමකි.
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment