| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Friday, January 2, 2015

Firefox theme එකක් ලේසියෙන් හදමුද?


මේක හරිම easy වැඩක්! අපි කරන්න හදන්නේ අපේම පින්තූරයක් භාවිතා කරලා Firefox themes හදන එක.මේක පුංචිම දෙයක් ඇත්තටම ලස්සනට ගොඩක් මහන්සිවෙලා මේ වැඩේ කරන්නත් පුලුවන් අද අපි පුංචිම තැනින් පටන් ගමු.Firefox themes එහෙම නැතිනම් “personas” වලට පුලුවන් ඔයාගේ browser එක ඔයාටම ඕන විදිහට වෙනස් කරන්න.
හරි වැඩේට යමු.Chrome වල මේ වැඩේ කරන්න කැමති අය මෙතනට යන්න.. Chrome theme එකක් ලේසියෙන් හදමුද?

ඉමේජ් එක සකසා ගැනීම

සරලම ෆයර් ෆොක්ස් theme එකේ images දෙකක් තියෙනවා.අපි කියමුකෝ ප්‍රධාන රූපය එහෙම නැතිනම්  header image එක තමා උඩ කොටස ආවරණය කරන්නේ.ඊලගට footer image එක පහල කොටසට නමුත් අලුත් ෆයර් ෆොක්ස් සංස්කරණ වල මෙම කොටස එච්චර භාවිතයක් නැති නිසා මේ රූපය අවශ්‍යම නෑ.
මේ විදිහට හදපු themes බලන්න මෙතනින්.
මුලින්ම ඔයා කැමති ලස්සන රූපයක්  දෙකක් හොයාගන්න පොඩ්ඩක් හිතල මේ තේරීම කරගන්න.මොසිල්ලා නම් කියන්නේ “Subtle, soft contrast images and gradients work best; highly detailed images will compete with the browser UI.” කියලා.මේකයි අපි මේ රූපය යොදන තැන ගැන හිතන්න ගොඩක්ම අපේ බ්‍රවුසර් එකේ දකුණු පැත්තනේ හිස් ඒ කියන්නේ රූපයේ ගොඩක් දකුණු පැත්තට ලස්සනට තිබ්බොත් නියමයිනේ.මේකට ඔයා යොදා ගන්න රූප දෙකට පහත අවශ්‍යතා තියෙන්න ඕන.

  • Header Image: 3000 pixels wide x 200 pixels tall, PNG or JPG format, 300 KB maximum file size
  • Footer Image: 3000 pixels wide x 100 pixels tall, PNG or JPG format, 300 KB maximum file size
ඔයාට පුලුවන් ‍මේ අවශ්‍යතා වලට ගැලපෙන රූපයක් යොදාගන්න එහෙම නැතිනම් ඔයාම එකක් නිර්මාණය කරලා යොදාගන්න දැන් ගොඩක් මෘදුකාංග තියනවා ඔයාට මේ සඳහා පාවිච්චි කරන්න පුලුවන්!ඔයාට පුලුවනි ඔන නම් රූපයක් තොරාගෙන අදාල මිනුම් වලට crop කරගන්නත්!


හදපු theme එක කොහොමද බලමු..

මේකට ඉතාම පහසු ක්‍රමයක් තියෙනවා.ඔයාට මේ සඳහා පොඩි එක්ස්ටෙන්ෂන් එකක් භාගත කරගන්න වෙනවා ඔයාගේ බ්‍රවුසර් එකට! මේක official extension එකක්!( Personas Plus extension.) දැන් browser එක restart කරන්න දැන් ඔයාට පෙනේවි ඔයාගේ toolbar එකේ දකුණු පැත්තේ පොඩි icon එකක්( පොඩි නරියෙක් ඔන්න! :p ) ඒක click කරල Preferences තොරන්න. “Enable custom personas” check box එක තෝරලා OK කරන්න.


ඊට පස්සේ  icon එක click කරලා custom Persona තොරලා Edit click කරන්න.දැන් ඔයාට වින්ඩෝ එකක් දකින්න පුලුවන් වෙයි ඔයාගේ theme එකට අදාල රූප, පාට,නමක් තෝරන්න තියෙන! ඉතින් මෙතනින් අදාල දේවල් තෝරන කොට ඔයාගේ browser එක වෙනස් වෙලා අදාල වෙනස් කම පෙන්නාවි.දැන් ok කලාම මේ theme එක ඔයාගේ browser එකට apply වෙනවා.
.

මේ theme ඕනෑම මෙහෙයුම් පද්ධතියක වැඩකරනවා.(Firefox on Windows, Linux, or Mac OS X.)

අපේ Theme එක ලොකේටම දෙමුද?

මේ වැඩේ හරිම ලෙසියි! ඔයා හදපු theme එක හැමෝටම පාවිච්චි කරන්න දෙන්න ඔයා කැමතිනම් කරන්න තියෙන්නේ එක Mozilla add-ons gallery website එකට ඇතුල් කරන එක.මේ සඳහා ඔයාට developer account එකක් ඕන.මේක නොමිලේ හදන්න පුලුවන්!ඔයා මේකට theme එක ඇතුලත් කරාම ලොකයේ Mozilla පාවිච්චි කරන හැමොටම කැමතිනම් ඔයාගෙ theme එක පාවිච්චි කරලා බලන්න පුලුවනි.rate කරන්න පුලුවනි  Mozilla add-ons gallery website එක හරහා.මේ සඳහා මේ සබැඳියෙන් යන්න.
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment