| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Friday, October 12, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය 2-තාක්ෂණය


මේකට කලින් ලිපිය කියවලා නැත්නම් ඒක කියවලාම එන්න මෙතනින්......

අපේ පැරැන්නෝ වැව් හදද්දී අනුගමනය කරපු ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා

01. කදු දෙකක් තියෙන තැනක් තෝරාගෙන මැද නිම්නයක් හාරා එහි පස්වලින් තරමක උසට කදු දෙකේ දෙපැත්ත පුරවා ලොකු බැම්මක් ඉදිකිරීම
02. කදු වලින් වටවූ ස්ථානයක් තෝරාගෙන විවෘත ස්ථානයකින් වැව් බැම්ම සෑදීම
03. කදු වලින් ගලා බසින ඔයවල් වල තරමක් උස ගල් සහිත කදුගැට වලින් පහළට ගපා බසින තැනක උස් භූමි ප්‍රදේශ අල්ලා ශක්තිමක් බැම්මක් බැදීම
04. විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යන ගගක් හෝ ඔයක් හරහා වේල්ලක් බැදලා ඊට තරමක් දුරින් වැව සාදා වේල්ලේ සිට ඇලක් වැවට කැපීම(අමුණත් මේ වගේ ගග මැදින් වේල්ල බැදලා වතුර උස් ප්‍රදේශයකට ගන්න ක්‍රමයක් ඔන්න)

05. එහෙම නැත්නම් විශාල වැවකින් ඇලකින් ජලය සපයා ගැනීම(යෝධ ඇල මගින් කලා වැව,නාච්චාදූව වැව් වලින් තිසා වැවට ජලය රැගෙන ඒම-ඔන්න ඉස්සර යෝධ ඇළ අදට වඩා ටිකක් වෙනස් ඒකත් මේත් එක්කම කියන්න ඕන)
 06 මීට අමතරව කුඩා වැව් කීපයක වතුර නිම්නය ඔස්සේ හදපු වැව් පන්තියකින් ලොකු වැව කට ගෙන ඒම කියන්න පුලුවන්(මේක හදුන්වන්නේ එල්ලංගාව කියලයි කට්ටිය දන්නවද දන්නෑ.තාක්ෂණික තොරතුරු නම් දරුණුයි ඉතින් එතනම ලොකු තාක්ෂණයක් )

මේ ඔක්කොටම හේතුව  මේ පළාත් වල භූ විෂමතාව නියම විදිහට යොදා ගැනීම.ඔන්න අද සමහර රටවල වගේ නිකන් හාරලා වැව් හැදුවේ නෑලු.


කොහොම වුනත් ක්‍රි.ව 2 වන සියවස වන විට ලංකාවෙ වාරිමාර්ග පද්ධතිය වර්ග 03 කට දාලා කියන්න පුලුවන් කම තියනවා.ඒ කියන්නේ ගම් වැව්,මහ වැව්,ආධාරක වැව්.නිකන් කිව්වට මේ එක එකක තියෙන විශේෂත්ව ගොඩයි පැහැදිළිවම රජරට සංස්කෘතික දේ එක්ක වැව සම්බන්ධයි ඒක දෙකක් නෙවේ එකක් කියන්නත් පුලුවන්.වැවම වෙනම සංස්කෘතික කේන්ද්‍රයක්-(පස්සෙ වෙලාවක වෙනම කියන්න බලමු)

මීට අමතරව ඇළ මාර්ග ඒවායේ කාර්යය හා ප්‍රමාණය අනුව බෙදන්න පුළුවන් වැවට වතුර ගේන ඇල(අමුණෙන්),වැව් ජලය වගා කටයුතු සදහා බෙදන ඇල(අනුරාධපුරේ පැත්තේ ගිය අය දන්නවා ඇති සමහර පැති හදුන්වන්නේ 5 ඇල 12 ඇල යාය 7,8 මේ නම් වෙන්නෙ වැවෙන් වතුර එන ඇළ අනුව ඔන්න හොයලා බලන්නකෝ)මිට අමතරව අතුරු ඇළවල් කුඹුරේ ලියදි වලට වතුර ගෙනියන(කුඹුර ගැන නම් සාගරයක් දේ කියන්න පුලුවන් මේ වෙලාව නෙවේ ඉදිරියේදි බලමු)

ඔන්න ඉතින් ඉස්සර පොත්වල සෙල්ලිපි වල අමුණ කියන එකට අචරණ කියලා ඇළවල් වලට අඩි,අලි වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා,වැවට වාපී වව් යන වචන පාවිච්චි වෙලා තියනවා.තව ඒවා තියෙනවා නම් ඔන්න මටත් කියන්න.


වැව් අමුණු හැරැණු විට කෘතිම පොකුණු ගොඩක් තියනවා (විහාරාරාම ආශ්‍රිතව විශේෂයෙන්....කුට්ටම් පොකුණ,ඇත් පොකුණ වගේ ඇයි මිහින්තලේ  කලු දිය පොකුණ තව උදාහරණ ගොඩයි)

ඒ වගේම සීගිරියේ ජල උද්‍යානය,අනුරාධපුරේ රන්මසු උයන වගේ නිර්මාණ අති විශිෂ්ටයි!

ඉතින් අපේ පැරැණ්නෝ මේ කටයුතු කලේ කොහොමද,මොනවද පාවිච්චි කල මිණුමි,ගණනය කරන්න භාවිත කළ සූත්‍ර පිළිබද තොරතුරැ නැති තරම්.ඉතින් මේවා අපි හොයන්න ඕන.... අපේ දේ අපි රැකගත්තේ නැත්තම් කවුරු කරන්නද නේද?කොහොමත් මේ ලිපිය මම ලියන්නේ මගේ සුලු දැනුමින්,මේ ගැන කොච්චර නම් දේ හොයන්න දැනගන්න තියෙනවාද..බලමු ඉස්සරහදි තවත් හොයාගත්තු දේ කියන්න....

ඔන්න මේ ලිපිය ඉවරයි හැබැයි මේ සම්බන්ධ තව ලිපි ඉදිරියේදි පළ කරන්න ඕන කියලා මේක කොටන ගමන් මට හිතුණා බලමුකෝ.......තව විස්තර විකිපීඩියාවෙන්

Roshan Karunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!