| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Tuesday, December 9, 2014

හිතට දැනුනු සින්දුවක්! ...........2





හම්ම ඒදා නම් ඇහැරුණේ ෆෝන් එකේ තොරතෝංචියක් නැති සද්දෙට....මලා මැසේජස් 6ක් ඇවිත්! නිදි මතේම ඉතින් මාත් කෝල් එක ආන්ස්වර් කලා....හෙලෝ....ගුඩ් මොර්නින් පොල්කිච්චි..... එයි නැගිටින්න නැගිටින්න කම්මැලිච්චෝ...! ඉතින් මැන්ටලේ මැසේජ් කලාට ඇහැරෙනවද මම ? ගන්නවකෝ කෝල් එකක්! චික් කැත විතරක්..... එහෙම නෙවෙයි ගන්නකෝ කියන්න...කෙල්ලෙක්ට කතාකරන්නවත් දන්නෙ නෑනේ ඔයා....ආ ඔව්නෙ....ඉන්න කල්පනා කරලා බලන්න ඔයාගෙන් තමා ඉගෙන ගන්න වෙන්නෙ.. මට කතා කරන්න ඉන්න එකම කෙල්ලනේ ඔයා...අනේ යනවා යන්න අර ඉන්නෙ බැච් එකේ කෙල්ලො වට කරගෙන. මම දකින හැම වෙලේම කෙල්ලෙක් ඉන්නව කදේ දාගෙන.යනවා යන්න මැට්ටි...ඉතින් දැක්කෙ නැතිද ඔයා පේන්න හිටියොත් මම උන් ඔක්කොටම පෙන්නනවා අර ඉන්නෙ මගේ පොල්කිච්චි කියලා....අහන්නකෝ අයියේ...ඔයා ඔච්චරට මම ගැන බලාපොරොත්තු තියා ගන්න එපා..මම ඔයාට කැමති නෑනෙ....හ්ම්ම්..ඒ වුනාට මම කැමතිනේ.....හා අපි බලමුකෝ.........!වෙලාවකට වැඩිය හුරතල් නැතත් ඒ කටහඩට පුලුවන් මට මුලු ජීවිතේම අලුතින් පටන් ගන්න පුළුවන් වෙන ශක්තිය දෙන්න..ඔයා හැම වෙලේම මම ලගින් ඉන්නව නම් මාත් එක්ක මුලු ලොකෙම තරහවුනත් මොකද කියලා මට හිතෙනවා.ඔයා ලගින් ඉන්න තප්පරයක් වුනත් මට මාර සතුටක් ගේනවා...ඔයා දන්නවද පොල්කිච්චි..?


පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්.....
ජීවිතේ හීනයක් මමදෝ කියන්...
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්...
ඇත්තමයි නුබ මගේ අහසම තරම්...
කවිකාර හීනේ ලඟින් දඟකාර කම් හිත තියන් ....
මනමාලයි ආදරේ නුබ තරම්.......

  
            ඇයි මේ දිගටම කෝල් ගන්නේ.....වැඩක මම ඉන්නේ...මොකද්ද ඔච්චර ලොකු වැඩේ මොකද කරේ?.නෑවා ඇයි..අද කාත් එක්කද ආවේ? යාලුවො ටිකක් එක්ක..හා ඉතින් යාලුවො ටිකක් එක්ක එද්දි අර ඔයත් එක්ක කුඩේ යටින් ආපු එකා මොකාද?..මේ ඇයි ඒ මගේ යාලුවෙක්නේ..හරි අනික අව්ව වෙලාවේ එයා ආවේ.ඉතින් අනික් යාලුවොත් හිටියේ එයාලත් එක්ක එන්න තිබ්බනේ...අයියා මොකෝ මේ...අපි යාලුවෝ ටිකනෙ ආවේ තවත් කොල්ලො හිටියේ.අනික ඔච්චර තරහ ගන්න තරම් දෙයක් වුනේ නෑනේ..ඔයා මගේනේ පොල්කිච්චි වෙන අය යනකොට මට තරහයි මාත් එක්ක යන්කො ඉතින්..හා හා ඊළඟ දවසෙ මම එනකොට හැංගිලා බලන් ඉන්නෙ නැතුව එන්න...නපුරා....!මේකනේ ඔයා ඔව්වා වැඩිය හිතන් නෑ කියලා මම දන්නවා ඒත් බලන අය කියන කතා ඔයා දන්නවනේ....එතකොට අපි දෙන්නටත් ඔහොම එක එක දේ කියනවා ඇති නේද අයියේ...හා හා ඒවා කමක් නෑනේ ඔයා මගේනේ...ඇත්තට හිතන්නේ එහෙමද? ඇයි නැතිද?...දන්නෑ මම! මම වැඩක ඉන්නේ හොදේ මම තියන්නම්.... ආ දැන් උත්තරේ හම්බුනාද ප්‍රශ්නෙට? ඔව්නේ මම අනිකත් එක්ක බලා ගන්නම් ඉතුරු ටික.මේ ඔයා වලි දාගන්නෙ එහෙම නෑ ඒ මගේ යාලුවෝ...නෑ නෑ එත් ඔයාගේ සමහර යාලුවන්ට පොඩ්ඩක් කතා කරන්න වෙනවා මට මමත් ටිකක් යාලුවෙන එක හොදයිනෙ නේද?...එහෙමද ඕන එකක් කරගන්න....හරි දැන් අහන්නකෝ අද කොහොමද ලමයා ඉගෙන ගත්තද? නෑ අද මම මුලු දවසම ලෙක් කට් කලා...දෙනවා දෙකක් ලෙක් කට් කරන්න තහනම්..ඉතින් එතකොට අපි මේ උත්සවේ ඔර්ගනයිස් කරන්නෙ නැතිද...ඔයා එනවද මගේ වැඩ ටික කරලා දෙන්න...හා එන්නම් මම....මේ වැඩේමයි...නෑ නෑ ඔනි නෑ..වෙලාවට ටිකක් රණ්ඩු වුනත් වෙලාවකට හිනා වුණත් ඔයා තමයි මගේ සතුට කියලා ඔයා දන්නවා නේද පොල්කිච්චි....!



             ඇයි????මොකෝ තරහින්? මම එහෙම තමයි...හ්ම්...බස්සි මොකො හ්ම්ම්? මගේ රිසල්ට් ඇවිත්....සබ්ජෙක්ට් දෙකක් ෆේල්!දන්නවා....මම! .ඉතින් කියන්නකෝ ඔයා ඉතිරිවා පාස්නේ!..ඔයා කොහොමද දන්නෙ.? මට නම් මේ ඔක්කොම එපා වෙලා අයියේ ඇයි මේ මිනිස්සුන්ට ලමයි ගැන හිතන්න බැරි ලකුණු 2න් ෆේල් කරලා තියෙන්නේ....ඉතින් මෙහෙමනේ හලෝ අපි හිතන හැම දේම ඒ විදිහටම වෙනවානම් හොඳයිනේ ඒත් එහෙම නෑනේ.....ඒ නිසා ඊළඟ පාර ඔයා ආපහු ඕක ලියමු හො‍ඳේ....මට බෑ...අනේ මගේ සුදු නංගිනේ....අනේ මේ බොරු එපා මම ඔයාටත් වැඩිය කලුයි හරිද!හා හා ඇති දැන් ඔයාට එක්සෑම් නේද පාඩම් කරන්න....හා හා දන්නවද මේ පාර මට රිසල්ට් හොදට තිබ්බොත් ඉතින් ඔයා නිසා තමා....හරිද...මම ඔයා නිසා වැඩ කරනවා වගේ ඔයත් වැඩ කරන්න හරිද?.....හා හා ඇති සීයෙ මම තියෙනවා...හරි නැන්දේ මේ අහන්නකො...අපි ඒ එක්සෑම් එක ඊළග සැරෙත් කරමු හරිද මම නංගිටත් කියන්නම් ඔයාට කරන්න කියන්න කියලා....ඒයි දැන් නංගිටත් කතා කරනවද? මගෙන් අවසර නැතිව එයාට කතා කිරීම සපුරා තහනම්...ආ තව මගේ යාලුවොන්ටත් කෝල් ගන්න බෑ හරිද...එදත් මම තිබ්බම යාලුවගේ ෆෝන් එකට ගත්තා නේද කපටිච්චා!..ඉතින් මේකනේ මම මේ ආදරේ කරන කෙල්ල හෙන අමාරු කාරියෙක්නේ ඉතින් මට ඔයාට කතා කරන්න ඕනි වුනාම මම මොකද කරන්නේ ඔයා ආන්ස්වර් කරන් නැතිනම් බය වෙනවනේ මම...එහෙම බෑ පොරොන්දු වෙන්න ආයේ යාලුවන්ට ගන්නේ නෑ කියලා...ඉතින් ඔයා ආන්ස්වර් කරන් නැතිනම්!මොකෝ ඉරිසියද?..වැඩේමයි! නෑ නෑ මම ආන්ස්වර් කරන්නම්..මෙයා කියන්නේ මම කොල්ස් වලට ආනස්වර් කරන්නෙම නෑ වගේනේ හා ඊයේට විතරක් 10 පාරකට වැඩිය කතා කලා ඇත්තමයි අයියා මට බයයි ඔයා ඔයාගේ වැඩ පාලු කර ගනියි කියලා....අනේ චම් මම දන්නවනේ අද රිසල්ට් එනවා කියලා...කලබලේ දුව දුව පිස්සු නටනවා කියලා දන්න නිසානෙ ඉතින් මම කෝල් කරේ.....අම්මේ ඇති දැන් ඔය ළමයට හෙට එක්සෑම් නේද...යන්න යන්න පාඩම් කරන්න....හරි දැන් රිසල්ට් අඩුයි කියලා මුණ එල්ලන් ඉන්න තහනම් හරිද....ඒක නම් ෂුවර් නෑ දන්නවනේ ඉතින් මම ගැන...හම් හම් හරි හරි අපි තිබ්බා එහෙනම්...මම ඔයා ගැන හිතනවා වගේම ඔයත් මගේ ගැන හිතන විදිහ දැක්කම මට මගේ ජිවිතේම ඔයා ලඟින් කියන්න පුලුවනි..ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි...අපි දෙන්න තරම් අපිව තේරුම් ගත් වෙන කෙනෙක් නෑ කියලා මට හිතෙන නිසා.....


නිදිවරන හිනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැබුරක් එක්කරන් ඔය නමින්....
නුබ දුන්නු ආදරේ අරුත සොයනා සිත්න්
තව නුබට ලං වුනා හුස්ම වැටෙනා දුරින්


           අපි මාතර යන්න ඕනි...ගෙදරට කිව්වම මට බැන්නා යන්න එපා කියලා ඒ වුනාට හොද නෑනේ යන්නම ඕනිනේ යන්තම් ෂේප් කරගත්තා.....අප්පච්චි ඉතින් ඔයාට ආදරේනේ ඒකනෙ ඒ..දැන් අතේ සල්ලි තියේද? මා ගාව 1000ක් තියෙනවා මම ගෙනත් දෙන්නම් ඔයාව ඔච්චර දුර යවන්න මාත් කැමති නෑ ඒත් යාලුවො ඉන්නවනේ අනික නොයා හොද නැනේ ඒ නිසා යන්න...සල්ලි එපා.....මා ගාව තියෙනවා...මම යන්නම්.යන්න යන්න ගියාම ඉතින් මට තමා පාලු...කතා කරන්නවත් කවුරුත් නෑනේ....කොහොමද දැන් යන්නේ? අපේ කට්ටියම ට්‍රේන් එකේ යන්නේ...මේ දැන්ද මට කියන්නේ..නැ කිව්වෙ නැත්තෙ මේකනේ මේ ලමයට වැඩනේ මම කිව්වනම් ඔයා ඒ ඔක්කොම දාලා එනවනේ...එන්න ඇහුවොත් මට බෑ කියන්නත් බෑනේ....ආ ඒ කියන්නේ මම එනවටත් කැමතියි..කියන එකනේ....මේ ඒ වුනාට මම නිසා ඔයාගෙ වැඩ නතර කරන්න එපා අනේ..දැන් එන්නම් මම.පිස්සා ඇත්තමයි ගහනවා අයියෙ මම! ආවොත් ඔයා....නෑ නෑ මම ඔයාව ඇරලවලා යන්න එන්නම්......හා එන්න හැබැයි මම කතා නම් කරන්නෙ නෑ..ඇත්තමයි!ඒ මොකද? මොකද කතා කරොත් ඔයාවත් එක්කන් යන්න ඕන වෙයි මට...ඉතින් යමුකෝ..එතකොට අර තියනවයි කිව්ව ප්‍රසන්ටේශන් එක කරන්නෙ මමද? ඉතින් ඒක තිබ්බදෙන්....ලකුණූ?? කමක් නෑ..ඊට වඩා ඔයා වටිනවනේ..මේ මේ මට ලෙක් එකක්වත් කට් කරන්න දෙන්නෙ නෑ මෙයා ඇසෙස්මන්ට් කට් කරන්න කතාව මම සැරයි හොදද...ඉන්නව ඔහොම...හා හා එන්නෙම නෑ...කොහෙද? ඔයාව ඇරලවන්න...මේ අහන්නකෝ ඉතින් යන්න කලින් මාව බලන්න ආවට නම් කමක් නෑ ඉතින්! හා ඇත්තද කවුද දැන් කපටිචිචා..ඔයා තමා ඔයා මටත් බෝ කරලා ඒක....ඇත්තද.? ඉන්නකෝ ඇවිත් දෙන්න මම බෙහෙත්! හිනා වෙලා ඔයාව යැව්වට මගේ හිත කැගහල ඉල්ලුවේ ඉතින් නවතින්න කියලා.....කොහෙද......මම ඉතින් ඔහේ බලන් හිටියා ....ඇත් වෙලා යන කොච්චිය දිහා අනේ ඔයාව මගේ ජීවිතෙන් නම් ඈත් වෙන්න එපා මම මැරෙයි!......මම මගේ ෆෝන් එක අතට ගත්තේ ආපු මැසේජ් එක බලන්න...ඒයි දැන් ට්‍රේන් එක දිහා බලන් ඉන්න එපා...යන්න යන්න නැත්නම් මිනිස්සු හිතයි පිස්සු කියලා....මම ඉක්මනට එනවනේ මෝඩයෝ...


නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකි බින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නැ හදේ නුබට දුන්නා තරම්


 ඉක්මනට එන්න මම බලන් ඉන්නවා.....තව දවසක් දෙකක් හැමදාමත්.......!
(photo is from my photo collection in flikr!)

rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment