| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Tuesday, December 16, 2014

මොකද්ද මේ JADE???


           මම මේ කියන්න යන්නේ සමහර අයට එච්චර සමීප නැති මාතෘකාවක් ගැන! මේ දවස්වල පරිගණක ක්‍රේෂ්ත්‍රයේ අය අතර ජනප්‍රිය මාතෘකාවක්නේ මේ කෘතිම බුද්ධියක් සහිත වැඩසටහන් නිර්මාණය.මේක ගොඩක් ගැඹුරු සිද්ධාන්ත තියෙන ඒත් ඒ වගේම තවමත් පරීක්ෂණ මට්ටමේ වැඩ ගොඩක් කෙරෙන මාතෘකාවක්...ඒකෙ එක් කේෂේත්‍රයක් කමා මේ Agent Technology කියන්නේ.
මුලින්ම මේ කියන්නේ මොකද්ද කියලා මම කියන්නම්... Agent කෙනෙක් කියලා අපි හඳුන්වන්නේ කෘතිම බුද්ධිය කියන සිද්ධාන්ත පාවිච්චි කරමින් තම දැනුම නැත්නම් තීරණ ගැනීමට අවශ්‍ය කරන දත්ත එක් කරගන්න ගමන් එෟවා පාවිච්චි කරමින් විවිධ මෙහෙයුම් (process) කියාවලීන්(procedures) කිරීමට නිපදවු නැත්නම් ක්‍රමලේකනය කළ පරිගණක වැඩසටහනක්! උදාහරණයක් විදිහට අපි වෙබ් අඩවියක මේ වගේ උපක්‍රම භාවිතා කරනවා කියලා හිතමු.එතකොට අපේ මේ වැඩ සටහනට පුලුවන් මේ සයිට් එකට එන(log in) කට්ටියගේ(users)  කැමති දේ අකමැති දේ තීරණය කරන්න අපි වැඩියෙන් ක්ලික් කරන්නේ මේ සයිට් එකේ මොන ලින්ක්ස් ද එහෙම නැතිනම් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් නම් වැඩියෙන් බලන්නේ මොන ප්‍රවෘත්තිද(ආර්ථික,ක්‍රීඩා,ඕප දූප) කියලා මෙයා බලලා ඊලග පාර අපි එනකොට අපි කැමති දේවල් තොරලා අපිට පෙන්න ගෙනත් දෙනවා( මේක දැනට ගොඩක් දෙනෙක් කරනවා බලන්න් ඔයා e-Bay යනකොට ඔයා කලින් දවසේ හොයපු දේට සමාන දේ ඔයාට උඩින්ම පෙන්නනවා).ඒ වගේම මෙම තාක්ෂණය ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා දුරකථන ඉලෙක්ට්‍රොනික තැපෑලේදී තව ගොඩක් තැන් වල.


මොකද්ද මේ  JADE???
මේ තියෙන්නේ සයිට් එක

Java Agent Development Framework, or JADE, කියන්නේ පරිගණක වැඩසටහනක්! මේ වගේ Agents ලා නිර්මාණයට තිබෙන මේ වැඩසටහන ජාවා ක්‍රමලේඛ භාෂාව යොදාගෙන නිපදවලා තියෙන්නේ.මෙමගින් අපිට උදව් කරනවා තව ඒජන්ට්ලා ත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න.මේ ගැන තව විස්තර සහ උදාහරණ සහිතව අපි කතා කරමු.මේ වැඩසටහන හදලා තියෙන්නේ Telecom Italia කියන සමාගමෙන් ඒ වගේම මේක free software.එකක්! බා ගන්න ඔනි නම් මෙන්න ලින්ක් එක
http://jade.tilab.com/
ප්‍රධාන  මුහුණත(main interface)


අපි ඉදිරියට මේක පාවිච්චි කරන හැටි ගැන කතා කරමු.මේ ගැන මගේ දැනුමත් ටිකක් නෙවෙයි ගොඩක් අඩුයි ඒ නිසා වැරදි දේ තිබෙනවා නම් නිවැරදි කරන්න.මෙහෙම සිංහලෙන් ලියන්න හිතුවේ කැම්පස් එකේ මේ සබ්ජෙක්ට්ස් මුලින් පටන් ගන්න කොට ග්‍රීක් වගේ නිසා අපි මේ සම්බන්ධ සිද්දාන්ත සමග ජේඩ් ගෙන් වැඩ ගන්න එක ගැන කතා කරමු අදට ඇති නේද???




මේ වැඩසටහන පාවිච්චි කරන කොට








මේ ගැන ලියවිලා තියෙන එයාලා නිර්දේශ කරන පොත මේක..මේ ලින්ක් එක මම වෙනත් සයිට් එකකින් තමා ගත්තේ.පුලුවන් අය ඉතින් පොත සල්ලි දීලා ගන්න එකයි ඇත්තේ ඔන්න අපි එහෙමනේ :පී!

මේ ප්‍රසන්ටේෂන් එකත් නියමයි බලන්න....





     කෘතිම බුද්ධිය ගැන කතා කරන කොට මම සඳහන් කල යුතුම පොතක් තියෙනවා.මේ මේ සම්බන්ධව ලියැවුනු සරළම සහ හොදින්ම විස්තර තියෙන පොත කියලයි මම හිතන්නේ.මේ පොතේ කතන්දරයක් කියන විදිහට ඉතා හොදින්ම මේ සංකල්ප කියලා දෙනවා.මම මේක කියෙව්වේ උසස් පෙළ කරලා ඉවර වුනු ගමන් වගේ! ඒ නිසා මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් පොතක් කියන එක පැහැදිලියි! පොතේ නම තමයි “පින්කි“ ලියලා තියෙන්නේ මහාචාර්ය අශෝක එස් කරුණාරත්න මහත්මයා.පොතේ පින්තූර ටිකක් දාන්නම් කැමති අය හොයාගෙන කියවන්න.එක හුස්මට කියවන්න පුලුවන් මරු පොතක්!

A nice book about artificial intelligence from a Sri Lankan, describes main concepts of AI using a friendly story approach a book not to miss guys ................ 
 written by Prof Asoka S Karunananda -The Dean, Faculty of Information Technology, Katubedda, Moratuwa Sri Lanka 







rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment